(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් හතරදෙනෙකු කඳාන ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී පුද්ගලයෙකු සතු යතුරු පැදිය  හා ඔහුගේ ජංගම දුරකථනය කොල්ලකාගෙන පලාගොස් ඇතැයි කඳාන පොලිසිය කියයි.

කොල්ලකෑ දේපළවල වටිනාකම රුපියල්3,50,000වන බව කදාන  පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ජාඇල ප්‍රදේශයේ පදිංචි වාහන පින්තාරු කිරීමේ නිරතව සිටින 28 හැවිරිදි අයෙකු විසින් මේ බව පොලීසියට පැමිණිලි කර ඇත.