
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටි තරුණියක හදිස්සියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කරමින් සිටි මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි.
මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ අයකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එහිදී පිරිස සමඟ විනෝද වී නර්තනයෙ යෙදී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එහිදී මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයෙන් පිට වී ඇති අතර මද වේලාවක දී ඇයට අසනීප වී මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී ඇතැයි පොලිසිය කියයි.
තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී ඇති බව පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැය මැරී වැටී ඇති බවක් නම් වාර්තාව කියවූ මට නම් නො පෙනේ.
වටිනා ජීවිතයක් සමුගත්තා.අපගේ ශෝකය .. මරණයට හේතුව වන්නේ කුමක්ද දන්නේ නැහැ.මේ රටේ බොහෝ විවාහ මංගල්‍ය උත්සව හා සංගීත සංදර්ශන ආදියේදී කන් මොළය හා හර්දය කම්පනය කරවන හානිකර අධි කම්පනයක් ගෙනදෙන සංගීත සහ ශබ්ද නිකුත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.ඒත්,නීතිය හා නීතිය රකිනා අය තද නින්දේ.මේක පුදුම රටක්.මහජන කරදරය හා හිරිහැරය ඇති කරන දේ කිරීම වරදක් බව දණ්ඩ නීති සංග්‍රහයේ ඇතත් ඒවා නීති පොත් පත් වලට පමණක් සීමා වී ඇති බව පෙනේ. අහෝ සිරි ලංකාව .. ඔබගේ ගමන කොහේටද ?
ජීවිතය කියන්නේ කුමක්ද කියලා හිතන්න මෙවැනි සිදුවිම හොඳ පාඩමක්
දැන් ඉස්සර වගේ නෙවෙයි. හැමෝම තම තමන්ගෙ ශරීර සෞඛ්‍යය ගැන හිතන්ඩ, හොයන්ඩ බලන්ඩ ඕනෙ. දැන් මිනිස්සු නිතරම ඉන්නෙ මොකක් හරි ආතතියකින්.. ඉතින් ශරීර "සිස්ටම් එක"ත් පට්ට අවුල් වෙලා තියෙන්නෙ.
මෙහෙම හෙඩ් ලයින් ගහන්න එපා. හරි හිරිකිතයි.
කලින්ම රජයෙ රොහලට රැගෙන ගියා නම් බෙරගන්නත් තිබුන. ලෙඩෙකුට ප්‍රතිකර කරන්න බැරිව රජයෙ රොහලට ගෙනියන්න කියනවනම් ඒ් පුද්ගලික රොහල පවත්වගෙන යන එකේ තෙරුමක් නෑ. ඔහොම රොහල් තහනම් කරන්න ඔන.
ඇයි තරුණ පරපුරට මෙහෙම වෙන්නේ..? අපි මොකක්ද කරපු වැරැද්ද ස්වභාවධර්මයට..?
හෙඩ්ලයින් එක කැතයි නේ. මීට වඩා හොඳ නැද්ද, "25 හැවිරිදි තරුණිය හදිසියේ මිය යයි කියල" දැම්ම නම්. . වැඩි විස්තර ආටිකල් එකේ දාන්න පුලුවන්.
මාතර
හාර්ට් ඇටෑක් මෙම වයසෙදි අති උනොත් බෙරගන්න අමාරු බව අහල තිබෙනව ඉතාම පොඩි කාලයක් ලැබෙන්නෙ මුලින්ම රජයෙ රෝහලට වහාම යොමු කලා නම් බෙරගන්න තිබුන
අපි හැමෝම මේ ලෝකෙට එනකොට අපිට බුක්ති විදින්ට අවශ්‍ය ausha ප්‍රමාණය අපි කරපු පිං පව් අනුව තීරණය වෙලා තමයි අපි මේ ලෝකෙට එන්නේ. අපි කොච්චර අකමැති උනත් අපේ aue කාලය ඉවරනම් අපිට මේ ලෝකේ දාල අපි කරගත්තු පිං පව් වලට අදාල තැනට යන්නම වෙනවා එක තමයි මේ ලෝකේ ධර්මතාවය. මාත් මැරිලා ඉපදුන මනුස්සයෙක්. එත් මගෙ ausha තව ඉවර නැති නිසා මට අයෙත් ජීවත් වෙන්න අවස්ථාව ලැබුනා. මං සිහිය නැතුව මාස 3 හිටිය සිහිය එනකොට මට කෙනෙක් කියනවා වගේ දැනුනා උබ ගිය පාර වැරදී මෙතන ඉදලා අලුතෙන් ජීවත් වෙයන් කියලා. මං හිතන්නේ මට මේදේ උනේ මගේ සංසාර ගමන කෙට් කර ගන්න මගේ පිනකට උන දෙයක් කියල. ඉපදුන හැම ජීවියෙක්ම තමන් ගෙනපු ausha ඉවර උනහම යන්නම වෙනවා. මම නම් හිතන්නේ ඉපදුන දවසේ ඉදලම අපි හැමෝම මැරෙනවා කියලා හිතුවනම් මේ ලෝකේ මීට වඩා ගොඩක් ලස්සන වෙන්න තිබුන.
පරිස්සමින් ලංකාවේ විස්කි වලටත් කසිප්පු කලවම් කරලා තියෙන්නේ
ඉන්ජෙක්ෂන් ගැහුව නම් විපාක විඳවපල්ලා