(එස්.ඒ.වයි. ද සිල්වා)

බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ බලු මැක්කන් ව්‍යාප්තවීමත් සමග  අද සහ හෙට දෙදින වසා දැමීමට තීරණය කර ඇතැයි විදුහල් බලධාරීහු පවසති.

බලු මැක්කෝ සහ ඇසට නොපෙනෙන තරම් කුඩා වැලි මැක්කන් විශේෂයක් පාසල් භූමිය පුරා ව්‍යාප්තවීම නිසා මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර අවස්ථා කීපයකදීම මහජන සෞඛ්‍ය අංශයට දැනුම් දී අවශ්‍ය බෙහෙත් වර්ග යොදා මර්දනය කර ඇත. අයාලේ යන බල්ලෝ නිසයි මෙම ගැටළුව ඇති තිබේ

මේ පිළිබඳව බළපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව ද සිල්වා මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

පාසල වසා දැමීමට අපේ අනුමැතියක් දීල නැහැ. මීට පෙර බලු මැක්කන්ගේ ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකට බෙහෙත් වර්ග යොදල මැක්කන් මර්දනය කරන්න පියවර ගත්තා. බලු පැටව් වදපු බැල්ලියක් ඉන්නවා. ඒ සතුන් පාසලෙන් එළවන තුරු මේ මැක්කන් මර්දනය කරන්න බැහැ. මැක්කන් මර්දනය කරන්න අපට කරන්න පුළුවන් දේ කළා යැයිද කීය.