
(අංජුල මහික වීරරත්න)
අන්තර්ජාතිකව තහනම් කළ පළිබෝධනාශක ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නේ දැයි සොයා වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන්නේය.
අන්තර්ජාතික තහනම් කරන ලද කෘමිනාශක හා වල්නාශක ඇතුළත් පළිබෝධනාශක වර්ග 40ක් මෙරට භාවිත කරන බවට සඳහන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය කළ අනාවරණයකින් අනතුරුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.
රජය විසින් තහනම් කර තිබෙන පළිබෝධ නාශක අලෙවි කිරීම, බෙදාහැරීම හෝ භාවිත කිරීම තහනම් බවත් කිසියම් පුද්ගලයෙක් එය උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලේකම් කාර්යාලයට බලය පවරා තිබෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාව තුල සිදුවන සෑම අකටයුත්තකදිම පිටපස්සෙ සිටින උදවිය ගැන පොදු ජනයා හොදින්ම දැනුවත්. වාර්ථාවලින් ඇති පලය? වියදම විතරයි.