(සුනිල් ධර්මබන්දු ද සිල්වා)
දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස අසල වෙළඳසැලකට ගිය දැරියක් කිසිවකු විසින් පැහැර ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වැලිගම පොලිසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක දැරියකි. දැරියගේ පියා වන 57 හැවිරිදි අයෙකු මෙම පැමිණිල්ල දමා ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය වූ දින සවස 4.00 ට පමණ දැරිය දුරකතන කාඩි පතක් මිලදීගැනිමට වෙළදසැලට ගොස් ඇති අතර ඇය නැවත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් දැරියගේ පියා ඒ් පිළිබඳව සොයා බලා තිබේ.
දැරිය සොයාගැනීම නොහැකිවූ තැන පොලීසියට පැමිණිලලක් දාමා ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව තාක්ෂණයේ අනිටු විපාක…!
දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස.....දුරකතන කාඩි පතක් කියන්නේ සිම් කාඩ් එකකටද....?
දුරකථන කාඩ් 1 ක් මොනවා හරි ගේන්න යන්න තිබුනේ