(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඔහුට උණ රෝගය වැළදීම නිසා කළ පරීක්‍ෂණයේදී ‘කොවිඩ්’ ආසාදිත බව තහවුරු වී ඇති බව කී එම නිලධාරියා දින තුනකදී වයිරසය සුව අතට පත්වන බව වෛද්‍යවරු පවසා ඇති බව ද සඳහන් කළේය.
ඔහුගේ ආශ්‍රිතයෙක් වූ තවත් පිතිකරුවෙක් ද ‘කොවිඩ්’ පරීක්‍ෂාවට ලක්කළ ද ඔහුට ‘කොවිඩ්’ වැළදී නොමැති යැයි තහවුරු වී ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල් පෙරේරායි, ඉන්ශුවරන්සුයි කියන්නේ දෙකක් නොවේ... එකක්. ක්‍රිකට්වල ගොඩක් අයට අතපසුවුණු ක්‍රමේකට තමයි මෙයා සල්ලි හොයන්නේ... වේග පන්දු යවන්නෙක්ට වඩා මෙයාට ආබාධ ඇතිවෙලා තියනවා, ඒවත් ප්‍රධාන තරගාවලි වලදීම. ක්‍රිකට් නොගහා සල්ලි සෙවීම කලාවක් නම් කුසල් පෙරේරා එහි පිකාසෝ වේ.