(සුමිත් පොතුපිටිය)

මරදාන සිට හික්කඩුව බලා අද (25) පස්වරුවේ ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන්ගත් පුද්ගලයකු ආලෝක සංඥා කුලුනක ගැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

කළුතර උතුර සහ කළුතර දකුණ දුම්රිය ස්ථාන අතර කළුතර උතුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි ආලෝක සංඥා කුලුනේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

දුම්රිය මැදිරි තුල ඒ වනවිට අධික මගීන් පිරිසක් සිට ඇති බවත්, පාපුවරුවේ එල්ලීසිටී පුද්ගලයා ආලෝක සංඥා කුලුනේ ගැටී දුම්රියෙන් ඉවතට විසිවී  මීටර් 30 ක් පමණ  ඈතට විසිවී ඇති බවත් පැවසේ.

ආලෝක සංඥා කුලුනටද හානි සිදුව ඇදවී ඇති අයුරුද දැකගත හැකිවිය .

තුවාල ලැබූ තැනැත්තා 1990 සුවසැරියෙන්  කළුතර නාගොඩ  ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් ඔහු දැඩි බරපතළ තත්වයේ පසුවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.