(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දකුණු තලංගම කොරෑබ ප්‍රදේශයේ දී පොලියට මුදල් ලබා දෙන පුද්ගලයෙකුට අද (25) වෙඩි තබා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි
මෙලෙස ඝාතනය කර ඇත්තේ ජනක පුෂ්පකුමාර 43 හැවිරිදි පුද්ගලයෙකි
ඝාතනයට ලක්වූ පුද්ගලයා පොලී මුදල් එකතු කිරීම සඳහා ත්‍රීරෝද රථයකින් ගොස් නැවත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට පැමිණ සංවිධානාත්මක අපරාධ කරුවකු වූ විදේශගතව සිටින බන්ටි නමැත්තා ගේ නිවස ඉදිරිපිටින් ත්‍රිරෝද රථයෙන් බැස පාගමනින් යමින් සිටියදී යතුරුපැදියකින් පසුපසින් හඹා ආ වෙඩික්කරුවන් දෙදෙනෙක් පිස්තෝල ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි
ඝාතනයට ලක්වූ ලක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කරුවෙකු බන්ටි නමැත්තා ගේ සමීප ඥාතියෙකු බවත් පොලිසිය කියයි
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත
තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි
(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල කොරාවේ ප්‍රදේශයේ අද (25) සිදු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි තලංගම පොලිසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි ද පොලිසිය. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ පාතාලයයි, රාජපක්ෂ පාතාලයයි මිනිමරා ගන්නවා තමන්ගේ බලය තහවුරු කරගන්න. දේශපාලන බලය වගේම පාතාලයේ බලයත් ඔවුන්ට අවශ්‍යයි. රටේ රජ කරන්න...