ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (25) වීදි සංචාරය කිරීමට යෙදුණි.

අවසන් කුඹල් පෙරහැරේ  සධාතුක කරඬුව වඩම්මවීම සඳහා භාග්‍යය ලද කතරගම වාසනා හස්තියා සුබ මුහුර්තියෙන් සඳ ගල මත පා තබා  පෙරහර මාර්ගයට අවතීර්ණ වූ ආකාරය. 

වාසනා හස්තියාගේ  පරිවාර ඇතුන් ලෙස කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තියා සහ දළදා මාලිගාව ඇත් පන්තියේ සිංහ රාජා හස්තියා ගමන් කළේය . පෙරහර සජීවි විකාශය lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි.

(ෂේන් සෙනෙවිරත්න)