
(බී.ජී.චතුරංග)
අනුරාධපුර මිහින්තලය ඒ 12 ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්‍රදේශයේදී අද (25දා) දහවල් සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, පුල්යාර හන්දිය, හේනවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටිි දොඹවලගේ දෝන සුජීවා පෙරේරා නැමැති 54 හැවිරිදි සිව් දරු මවකි.
පුල්යාර් හන්දිය දෙස සිට මාතලේ හංදිය දෙසට එකම දිසාවට ගමන් කළ පාපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත්, පාපැදිය දකුණු දිශාවට හැර වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් පා පැදියේ ගමන් කළ කාන්තාව බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය සඳහන් කළේය.ලොරි රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd