
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී පරීක්ෂණ කටයුත්තක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ ලෙස දැනුම් දීමක් කළේ යැයි කියන ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකුට එරෙහිව පීඨාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියමින් ඉකුත් 20 වැනි දා පේරාදෙණිය පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පොලිස් කොස්තාපල්වරියක ගෙන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ(25) පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටි එම පුද්ගලයා පසු දිනක පීඨාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් පහක් ලබාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
පීඨාධිපතිවරයා ඒ අවස්ථාවේ එම ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී ඇති අතර පසුව එම අංකයට කතා කර ඇත.
පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කර ඇතැයි පොලීසිය පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැන වැදීම නිසා සිසුන් කලබලයට පත්වී කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කතා කළ පුද්ගලයා දැනුම් දුන්නේ යැයි පීඨාධිපතිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව දැන ගැනීමට ඇත.
විද්‍යාලයේ ඇති සියළුම ලිපි ලේඛන 21 වෙනිදා කුලපතිවරයාට භාරදී පරීක්ෂණයක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණි ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දැනුම් දුන් බවද පීඨාධිපතිවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් හරක්ද අන්තරේ ඉන්නේ.. උන් දන්නේ කෑ ගගහා පාරවල්වල යන්න විතරයි..
මේ මිනිස්සු කාලයක් ගිහිල්ලා අධ්‍යාපනය අවසන්කර සමාජයට පැමිණිදාට, ඒ සමාජයත් දූෂිත සමාජයක්ම තමයි. අවාසනාවකට ඉතා බහුතරයක් මේ වගේ මිනිස්සුන්ගෙන් තමයි වර්තමාන ලාංකික සමාජය හැදිලා තියෙන්නේ. ඉතිං අති බහුතරයක් අවාසනාවන්ත මිනිස්සු සහිත රටකට කොහොමද කලට වැසි ඇති සුඛිත, මුදිත රටක් බිහිවෙන්නේ?
ඔවුන්ට ඕන හරක් වගේ හැසිරෙන්න. ඒවාට විරුද්ධ වුණාම ඔවුන්ට හරස් වෙනවා. මොවුන් මානසික රෝගීන්... කිසිම දවසක රටට දැයට සේවයක් නොකරන දේශපාලනය කර පින්නාගත් නිකම්මු කොටසක්... අපරාදෙ නිදහස් අධ්‍යාපනයට රටක් වියදම් කරන සල්ලි...
ඔන්න ශිෂ්‍ය සංගමයේ ලොක්කාගේ මොලේ... ඉතින් මේ අයද මේ රටේ බලය ඉල්ලන්නේ...? මෝඩකමට බෙහෙත් නෑ. තණකොළ තමයි හොඳම අත් බෙහෙත... පවු ඉතින් මෝඩයි කියලා ගහන්නයෑ...
පෙනෙන්නැත්ද, කොන්ඩෙ, රැවුල කපන්නේ නැතිව කුඩුගහපු හිඟන්නෝ වගේ ඉන්න මොවුන්ගෙන් මෙයට වැඩි යමක් බලාපොරොත්තු විය හැකිද?