(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රෝගාතුරව නිවසේ සිටින මවට  ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන්  බව කියමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු අද (25)පොලිස් පොතේඒ හා සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගොස් ඇතැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේ රාජකාරියෙන් බැහැරව ගොස් ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.

රෝගාතුරව සිටින බව මව බැලීමට යාමට නිවාඩු ඉල්ලා සිටියත් එම නිවාඩු අනුමත නොකිරීම නිසා තමාට තවදුරටත් රාජකාරි කරගෙන යෑමට තරම් මානසික තත්ත්වයක පසු නොවන බවදඑම ආධුනික පොලිස් කොස්තාපල් වරයා පොලිස් පොතේ සටහන් කර ඇතැයිඑම පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

දින 60ක කාලයක්  නිවාඩු ලබා නොගෙන රාජකාරි කර ඇතත්  රෝගාතුරව සිටින සිටින මව බැලීමට යෑමටනිවාඩු අනුමත කර නොදුන් නිසා ආධුනික පොලිස් කොස්තාපල් වරයා සිත් වේදනාවෙන් පසුවූ  බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.