(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර වසර දොළහකට වැඩි කාලයක් එම ආයතනයේ සේවය කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මෙම නිලධාරියා විවිධ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැඩ තහනමට ලක්ව ඇති බවත් මෙසේ වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාවලදීද ඔහු වැටුප් සහ දීමනා ලබා ගෙන ඇති බවත් තොරතුරු හෙළිවී යැයි කෝප් කමිටුව පවසයි.
එම නිලධාරියා මෙම ආයතනයට පත්වී ඇත්තේ අමාත්‍යාංශ අනුමැතියකින් තොරව බව ආයතනයේ නිලධාරීහු කමිටුවට පැවසූහ.
මොහුගේ අධ්‍යාපන සහතික මෙන්ම උප්පැන්න සහතිකයේද ගැටලු පවතින බව පැවසූ ඒ නිලධාරීහු මේ තැනැත්තා කිසිදු අනුමැතියක් ලබා නොගෙන පසුගිය වසරේදී කැනඩාවට ගොස් ඇතැයිද සඳහන් කළහ.
මෙම ආයතනයේ නිලධාරීන් සිටින්නේ තිහකට අඩු සංඛ්‍යාවක් නමුත් ආයතනය මාසිකව ලක්ෂ 12 ක් ගෙවා කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.
එය වැරදි ක්‍රියාවක් බව කෝප් කමිටුව සඳහන් කළේය.
මේ තොරතුරු අනාවරණය වූයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කමිටු වලින් කොයිතරම් කරුණු එළිකලත් මෙතෙක් කල් ඒවායින් වැඩක් වී ඇත්දැයි නොදනිමු. කමිටු සාමාජිකයින් දීමනා ගන්නවා අපි බදු ගෙවනවා එච්චරයි…!
සාමාන්‍යයෙන් සේවය සඳහා බඳවා ගැනීමෙන් පස්සේ සුදුසුකම් සනාථ කරන සහතිකවල සත්‍ය අසත්‍ය බව සොයන්න ඕනෑ. එම කටයුතු මුල් අවුරුදු තුන ඇතුළතදී අවසන් කරන්න ඕනෑ වුණත් දැන් කාලයේ බොහෝමයක් ආයතන ඒවා කරන්නේ විශ්‍රාම ගැනීමට ආසන්න වෙලා කියලා දකින්නට ලැබෙනවා.. මම එහෙම එකක් කියන්නම් එක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඉගෙනුම ලබා තිබුනේ ඇගේ පියා විදුහල්පති ලෙසට හිටපු පාසැලේමයි ඉතින් සාමාන්‍ය පෙළ අසමත් වුණා. අන්තිමේ දෙවරක්ම ලබාගත් ප්‍රතිඵල එක් සහතිකයක් ලෙසට හදා (ඒකාලයේ පාසලෙන් දෙන සහතික පිළිගන්නවා ) ඉදිරිපත් කර සේවයට ගියා දෙපාර්තමේන්තු ගත නිලධාරීන් කටයුතු නිසා මේ වැඩ හසුවෙන්නේ නැහැ වරින්වර මාරු කරන නිළධාරීන් ඉන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු 55 පසුවෙන තුරු සහතික පරීක්ෂා කර නැහැ. අන්තිමේ අලුතින් පැමිණි කෙනෙකුට සේවයේ දීර්ඝ කිරීමට සොයද්දී මේක හසුවුණා. සහතික බොරු කියලා පැහැදිලි වුණා. සේවයෙන් පහකළා. නමුත් ඇයට සහායට වංචාව සැඟවූ නිලධාරීන්ට කිසිම දඬුවමක් නැහැ.. කමිටුවේ අයගේ උපදෙස් අදාල අමාත්‍යාංශ වෙතට යොමුකෙරේවා...!
දූෂණය, වංචාව, අකාර්යක්ෂමතාවය, අද රටම වෙලාගත් පිළිල වෙලා. COPE කමිටුවේදී හෙළිවන මේ දූෂණ ගැන ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි...?
අපි ඕක හිතුවා. පුහුණු වැඩ සටහන් වලදී අභ්‍යාසලාභීන් විවිධ අපහසුතාවලට ලක් කරනවා. පුද්ගලයින්ට විවිධ අපහාස කරනවා. කිසිම චාරයක් නැහැ. මම දැකලා තියෙනවා විශේෂයෙන්ම ගුරුවරුන්ට ප්‍රබලව අපහාස කරනවා. අඩු සුදුසුකම් තියෙන අයගේ ලක්ෂණ මේ මිනිහා අඩු නැතිව පෙන්වනවා.
නම කියන්න බැරිනං වැඩක් නෑනේ ලොක්කා...
ලස්සන වැඩේ කියන්නේ උන්දෑ ඔක්කොම වරප්‍රසාද අරගෙන මාරුවෙලා රටේ ඉන්නේ නැතුව පැනලා ගියාට පස්සේ තමයි හොයන්නේ... කොයි හොරකම හොයන්නෙත් ඔහොම තමා. ඒකයි ඕන හොරෙක් බය නැතුව ඕන හොරකමක් කරන්නේ...!
හොර රාජපක්ෂ කල්ලියේ සගයෙක් වෙන්න ඇති. නැතිව ඔහොම ගේම් ගහනවා බොරු...
හොරට ලියලා විභාග පාස් වෙච්චි හොර පෙරකදෝරුවෝත් රටේ නායකයෝ වෙච්චි රටේ ඕවා මොනවාද?