
(අංජුල මහික වීරරත්න)
පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
එසේම පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පෙර පාසලක් ආරම්භ කිරීමේදී එය යම්කිසි නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බවද පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු අතර ඔවුන්ටම ආවේණික විශේෂිත වූ පුහුණුවක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගීතා සෑහෙන්න වයසට ගිහිල්ලා.
හොඳ වැඩක්...!
පෙර පාසල් ගුරුවරිය උපාධි ධාරියෙක් විය යුතුයි. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්...? අට පාස් නෙවෙයි. ඉස්කෝලේ නොගියත් කමක් නැහැ.