(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරතව සිටින විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට ලබන සඳුදා සහ අඟහරුවාදා (28 සහ 29) දෙදින රාජකාරී නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

උත්තර පත්‍ර ඇගයීම් පසුගිය 18 වැනිදා ආරම්භ වී ඇගයීම් අඛණ්ඩව අනිද්දා (27) දක්වා පැවැත්වේ.

පාසල් නිවාඩුව මේ මස 16 වැනිදා ලැබීමෙන් පසුව අඛණ්ඩව සේවය කිරීම නිසා ඇති පීඩන හේතුවෙන් විදුල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට විවේකයක් දෙන ලෙස ගුරු සංගම් කළ ඉල්ලීමකට අනුව මෙම නිවාඩුව දී තිබේ.