IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිසිය පන්නද්දී ඉස්සූ ජීප් රිය අධිවේගියේ දමා සැකකරුවෝ පැන දුවති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 ගාල්ල බද්දේගම ප්‍රෙද්ශයෙන් පැහැර ගත් සුඛෝපභෝගී ජීප් රථයක්  දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් නැවතීමට කළ සංඥාවත් සමගම කිලෝමීටර් 9.2 වීදියගොඩ ප්‍රෙද්ශයේ දී ජීප් රථය අත්හැර දමා එහි සිටි සැකකරුවන් සිව්දෙනෙකු පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි

ජීප් රථය සොයාගන්නා විට ඒත් නිත්යය ලියාපදිංචි අංකය වෙනස් කර තිබූ අතර ඉදිරිපස බොනට්ටුව මත  වාහනය දුටු පමණින් එකවර හඳුනාගත නොහැකි ලෙස ස්ටිකරයක් අලවා තිබූ බව පොලීසිය සඳහන් කරයි

බද්දේගම ප්‍රෙද්ශයේ පුද්ගලයකු ඔහුට අයත් සුඛෝපභෝගී ජීප් රථය  විකිණීමට සූදානම් කර ඇති අතර එය මිලදී ගන්නා මුවාවෙන් ගොස්  ඔහුට පහර දී ජිප් රථයෙන් බිමට ඇද දමා එය පැහැර ගෙන තිබූ බව පොලීසිය සඳහන් කරයි

අධිවේගී රථවාහන කොට්ඨාසය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා 
සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රෙස්කර  මහත්වරුන්ගේ උපදෙස් මත ගැලනිගම රථ වාහන රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්රරධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න  පොලිස් පරීක්ෂක චන්දන සමන් , පොලිස් සැරයන්වරුන් වන60729 වීරතුන්ග ,කොස්තාපල්වරුන් වන  83664 සුදර්ශන ,3273  කරුණාරත්න මහත්වරු පරීක්ෂණ පවත්වති

 



අදහස් (0)

පොලිසිය පන්නද්දී ඉස්සූ ජීප් රිය අධිවේගියේ දමා සැකකරුවෝ පැන දුවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site