IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රත්මලානේ මස් ව්‍යාපාරික ඝාතනයට රගර් ක්‍රීඩකයා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රගර් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

එම සැකකරු සමඟ හොරයින් මත් කුඩු සහ ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ඉකුත් 21 වෙනි දින රාත්‍රියේ දී රත්මලාන අරලිය මාවතේ පදිංචිව සිටි අනුර දේශප්‍රිය සිල්වා (40) නමැති කුකුල් මස් වෙළෙඳ සලක හිමිකරු වෙළඳසල තුළ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පළා ගොස් තිබිණි.

සැකකාර රගර් ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව මත බව පොලීසිය සඳහන් කරයි.

එම සැකකරු මීට පෙර අවස්ථාවක පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් හොරෙන් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට පත් වූවකු බවත් ඔහුට විරුද්ධව මහාධිකරණයේ මොකක්ද විභාග වෙමින් පවතින බවත් පොලිසිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට කෙසෙල්හේනාව ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී ඝාතනයට පසු දින පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

 



අදහස් (1)

රත්මලානේ මස් ව්‍යාපාරික ඝාතනයට රගර් ක්‍රීඩකයා මාට්ටු

Perera Friday, 25 August 2023 08:19 AM

ලංකාවේ දවසකට මිනීමැරුම් කීයක් වෙනවද? කියලා වාර්තාවක් පලකරන්නකෝ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site