
(අමදෝරැ අමරජීව)
ත්‍රිකුණාමලය නාවික හමුදා පාලමේ ජැටියේ කොටසක් කඩා වැටිමෙන් අද (22) පස්වරුවේ වරාය නැරඹිමට පැමිණි 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි වරාය පොලිසිය කියයි.
තුවාල ලැබු 15 දෙනෙකු නාවික හමුදා රෝහලටත් සෙසු සිවුදෙනා ත්‍රිකුණාමලය රෝහලෙත් ප්‍රතිකාර ලබති.
මෙම පිරිස ගල්ගමුවේ සිට සංචාරයකට මෙලෙස පැමිණ ඇති අතර තුවාල ලැබු වැඩි දෙනෙකු පාසල් සිසුන් බව වාර්තාවේ.
ජැටිය කඩා වැටි පිරිස මුහුදට වැටි ඇති අතර එම ස්ථානය එතරම් නොගැඹුරු නිසා සිදු විමට ගිය විනාශයක් වැලකි ගොස් තිබේ.
තුවාල ලැබුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය කඩන වැටුන තැන රනිල් සහ මහින්ද කියන පව්කාර මිනීමරු හොරු හිටියානම් ....හෙට " නව අරුනලු .." අරගෙන සිනාසෙමින් අපේ රටටත් හිරු පිබිදේවි..රටේ අවාසනාවකට ඒ පව් කාරයෝ එතන නොසිටියෝය .නමුත් ඔයිටත් වඩා භයානක තැනකට උන් දෙදෙනා ඇතුළු හොර මිනීමරුවන් රලම රැගෙන යන්නට සොබාදහම සැරසෙනවද ? කවුද දන්නේ.
ඔහොම දෙවල්වල් වගකීම භාරගන්න ලංකාවේ කිසිම කෙනෙක් නැහැ
මුහුදු වතුර නිතරම තෙමෙන නිසා කොන්ක්‍රීට් එක ඉක්මණින් දිරාපත් වෙලා වගේ...