(මුදිතා දයානන්ද)
පවතින නියගය හේතුවෙන් පවුල් 132000කට අධික ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇතැයි ජලසම්පාදන හා ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී අනෝජා කලුආරච්චි මහත්මිය ලංකාදීපයට අද (22) පැවසුවාය.
මේ වන විට ජල මුලාශ්‍ර 40ක්ද ජල සම්පාදන ක්‍රම 42ක්ද අවදානමට ලක්ව ඇතැයි ද ඇය සදහන් කළාය.
කැලණි ගගේ ලවණ බාධකයක් යෙදීම නිසා කලටුවාව හා ලබුගම ජල යෝජනා ක්‍රම අවදානමෙන් මිදී ඇති බවද කලුආරච්චි මහත්මිය පැවසුවාය.
ඉදිරියේ දී තවදුරටත් නියගය පැවතීමෙන් ජල නිෂ්පාදනයේ අවදානමක් ඇතිවුවහොත් එයට සහය වන ලෙස මහවැලි ජල කළමණාකරණ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවද ඇය සදහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd