චමරි ලෝව පළමු තැන ගනී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිය චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය. 04 July 2023
රුසියාවට පහර දෙන්න යුක්රේනය යාන පහක් එවලා රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරමින් පැමිණි ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත් වූ බව මොස්කව් නගරයේ නගරාධිපති සර්ගේ සොබ්යනින් ප්‍රකාශ කර ඇත. 04 July 2023
රුපියල ටිකක් හිස ඔසවයි ශ්‍රී ලංකා මහ බැංකුව අද(04) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ශක්තිමත් වී තිබේ. 04 July 2023
ප්‍රංශ කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (4)විවෘත කෙරිණි. 04 July 2023
ලංකාවට දුන් අනෙක් ඇතුන් ගැනත් තායිලන්තය සොයයි තායිලන්තය ශ්‍රී ලංකාවට ලබා දුන් අනෙක් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කාංචනා සිල්පා අර්චා මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස කටයුතු කරන බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත. 04 July 2023
අනතුරකින් ශාරුක් ඛාන්ගේ නහයට හානි ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ප්‍රසිද්ධ නොකළ ව්‍යාපෘතියක දර්ශන තලයක සිදුකල රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍ය කර්මයක් සිදු කර තිබේ. 04 July 2023
වැටෙන රට ගොඩ ගන්න අත නොදීම ජාතික ඛේදවාචකයක් රටේ බැංකු පද්ධතිය බිඳ වැටීමට ඉඩ නොදී දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ විරුද්ධ පක්ෂය සහ ඇතැම් කණ්ඩායම් හැසිරුණු ආකාරය පිළිබඳව ජාතියක් ලෙස කණගාටුවට පත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 04 July 2023
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් ජල ටැංකියට නැග විරෝධයක බූස්ස අදි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රැඳවියෙක් මත්ද්‍රව්‍ය ඉල්ලා එම බන්ධනාගාරයේ ජල ටැංකියට නැග සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 July 2023
ජනපති කතරගම පුදබිමේ ආගමික වතාවත්වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. 04 July 2023
ඇඟලුම් අපනයනයේ කඩා වැටීමක් මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1843.3 ක මුදලක් උපාය තිබෙන බවත් එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමඟ සසඳන විට සියයට 16.5 ක පහත වැටීමක් බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ. 04 July 2023
භූ කම්පනවලින් බස්නාහිර උස් ගොඩනැගිලි අවදානමක ගිණිකොණ දිග කළාපයේ වන භූ කම්පනවලින් බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට කිසියම් බලපෑම් කළහැකි නිසා මෙරට නව සහ පැරණි උස් ගොඩනැගිලි වර්ගීකරණයක් කළ යුතු බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය. 04 July 2023
යතුරු පැදියෙ බල්ලකු හැපී පියා මරුට පුතා රෝහලට ගාල්ල කොළඹ මාරගයේ දඩල්ල කනත්ත අසලදි අද උදෑසන පිය පුතු දෙදෙනකු ගිය යතුරු පැදියට බල්ලකු හැපි සිදුවු රිය අනතුරකින් පියා මිය ගොස් පුතා තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 04 July 2023
ගෑස් සිලින්ඩරයක මිල 2982යි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 July 2023
චීන ගුවන් ගමන් යළි අරඹයි චීන ජාතික ගුවන් සේවය වන ’’ එයා චයිනා ’’ (Air China ) ගුවන් සේවය ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයෙන් පසු , යළි ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 04 July 2023
කොටස් - සුරැකුම්පත් අනාගතයට ගැසට් පත්‍රයක් නිකුත් කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් පිළිබඳව නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිකුත් කර තිබේ. 04 July 2023
තැන් තැනට අද තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 July 2023
‘වින්නඹු’ අම්මා වුණු බලු සුරතලා ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙලෙන කාන්තාවකගේ දරු ප්‍රසූතියට සහාය වුණු, ස්ටැෆර්ඩ් ෂයර් බුල් ටෙරියර් වර්ගයේ බල්ලකු ගැන පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි. 04 July 2023
අයියා සෙල්ලමට කටේ දැමු කාසියෙන් නංගි මරුට මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් උගුරේ සිරවීමෙන් මිය යෑමේ ශෝකජනක සිද්ධියක් දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වේ. 04 July 2023
විනිසුරු නිවෙස හොරු බිඳලා අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ඌරාපොළ බෝපැත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. 03 July 2023
නාවින්න රෝහලට කෝටි තුනක අලාභයක් නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයට මිලදීගත් යන්ත්‍ර සහ උපකරණ රැසක් භාවිතයට ගත නොහැකි තත්ත්වයේ පැවැතීම හේතුවෙන්, රුපියල් තුන් කෝටියකට ආසන්න මුදලක් නාස්ති වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 03 July 2023
ජනපතිගෙන් විපක්ෂ නායකට ආරාධනයක් බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 03 July 2023
අලුත් පනතෙන් සිංහල වෙදකමටත් හානි වර්තමාන ආණ්ඩුව විසින් අලුත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය සහමුලින්ම විනාශ කිරීමේ ප්රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 03 July 2023
කතරගම ඇසළ පෙරහර වීථි සංචාරය අරඹයි ඓතිහාසික කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර මීට සුළු වේලාවකට පෙර විථි සංචාරය ආරම්භ කළේය. 03 July 2023
ආණ්ඩු විරෝධී දැන්වීම් ජාතික රෝහලෙන් මතු වෙයි කොළඹ ජාතික රෝහලේ වැඩ අංශයේ සඟවා තිබු ආණ්ඩු විරෝධතා පුවරු සහිත පෝටර් 136 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. 03 July 2023
දින නවයක් හිස් වූ පොලිස් මහ පුටුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුර කාලය අවසන් කර අදට (4) දින 9ක් ඉක්ම ගියද නව පොලිස්පතිවරයකු පත් නොකිරීම හේතුවෙන් පොලිසියේ පරිපාලන කටයුතු අකර්මන්‍ය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. 03 July 2023
පිරමිඩයට අසු වූ ගුරුතුමාට ජිවිතය එපා වේ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක පිරමීඩ ජාවාරමකට හසුව, සිත් තැවුලකට පත් වළස්මුල්ල ප්‍රදේශයේ ක්‍රීඩා ගුරුවරයකු පාසල් ක්‍රීඩා කාමරය තුළ එල්ලී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි. 03 July 2023
‘‘හොරු අල්ලන්න බැරිනම් ඇමැති යන්න ඕනේ‘‘ රටේ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු යැයි ඔහු සෞඛ්‍ය ක්ෂෙත්රයේ දූෂිතයන් ආරක්ෂාකරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. 03 July 2023
චයිනා හාබර් ඩොලර් බිලියන 1.2ක ආයෝජනයකට සූදානම් ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පැවසීය. 03 July 2023
යෝධ වැවේ ගිය ධීවරයන්ගේ සිරුරු හමුවේ මන්නාරම යෝධ වැවේ මාළු අල්ලන්නට ගිය ඔරුවක් පෙරළීමෙන් අතුරුදහන්ව සිටි ධීවරයන් දෙදෙනාගේ මළ සිරුරු දහවල් සොයාගත් බව මන්නාරම උයිලන්කුලම පොලිසිය පවසයි. 03 July 2023
ලක් කතුන් පළමු වරට නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලබමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබීමට අද (3) සමත් විය. 03 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026