
(අංජුල මහික වීරරත්න)
මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන සඳහා වැදගත් තීන්දු තීරණ රැසක් වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උපරිම දායකත්වය ලබා ගැනීම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඊට දායකවන සියලු පාර්ශ්වයන්ට පහසුකම් සලසා දීමට රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
දෛනිකව දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් යාල ජාතික වනෝද්‍යානයට පැමිණෙන අතර ඔවුන් ඉලක්ක කර ගනිමින් එම කලාපය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකාතානාපතිනී ජූලි චන්ග් මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ප්‍රවර්ධනයට අත දෙන අයට රජයෙන් පහසුකම්, එනම් නිවෙස් වල කාමර ලබාදීමට හැකිනම් ඔවුනට අදායමක් ලබාගැනීමට හැකියාව ඇත. නමුත් මේවනවිට පිලිපීනය විසට්මනය, ඉන්දුනීසියාව වැනි රටවල නිවෙස්වල කාමර කුලියට ලබාදීම සිදුවේ. එමනිසා සිදුව ඇත්තේ ගනිකවුර්තිය, මත්ද්‍රව්‍ය සහ වෙනත් දුෂිත ක්‍රියාවන් සදහා විදේශිකයන් ලනකවට පැමිණීම වේ. අඩුමුදලට ROOMS ලබාදීම සිදු උවත් ඉන්පසු ඇතිවිය හැකි සිදුවීම් සහ වන හානිය පිලිබදව හොදින් අදයයනය කරන්න... මෙවැනි කට යුතු කිරීමට පෙර වෙනත් රටවල සිදුව තිබෙනාවූ විනාශයන් පිලිබදව හොදින් අදයයනය කරන්න.....සංචාරක කර්මාන්තය ප්‍රවර්දනය කිරීමට සංචාරක ඇමතිවරයා නිවාස සහ rooms ඉල්ලා සිටියේය. දේශපාලන වාසි හෝ ලකුණු දාගනිමට යමක් කීමට පෙර සිදුවන වැසි අවැසි පිලිබදව සහ සමාජයට මෙවැනි කට යුතුවලි ඇතිවිය හැකි වෙනත් ක්‍රියාවන් පිලිබදව සොයාබැලීමක් කලයුතුවේ..පිලිපීනයේ සිදුවුයේ රටේ ජනාධිපතිවරයාට මත්ද්‍රවය ජාවාරම් කරුවන් 25.000 පමණ මරා දැමීමට සිදුවීමය