(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ නානුඔය, ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් හය දෙනෙකු අද (21) දහවල් තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

තුවාල ලැබු පුද්ගලයන් පිරිස  ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

නුවරඑළියේ සිට කොළඹ බලා යමින් පැවැති මෙම වෑන් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවට  මේ සම්බන්ධයෙන් සිදු කරන ලද මුලික විමර්ශණයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.