(යොහාන් භාසුර)
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83 කට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
රාජගිරිය, කලපලුවාව පදිංචිකරුවෙක් වන සැකකරු රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රුපියල් 813,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බවත් එම කාර්යංශය කීය.
මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9 ක් කාර්යාංශය වෙත ලැබී ඇති බවත් එම පැමිණිලිවලට අදාලව ඔහු රුපියල් 8,390,000 ක මුදලක් වංචාකර ඇති බව කී එම කාර්යංශය සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඇප මත මුදාහැරි බවත් එම කාර්යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd