
( ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය, බඹරකැලේ ප්‍රදේශයේ කැළෑවකදී බඹරුන්ගෙන් බේරිමට දිවයද්දි හෙලකට වැටීමෙන් දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මිගොස් ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය, බඹරකැලේ වත්තේ පදිංචිව සිටි සිවපෙරුමාල් ඩිල්ෂාන් (16) නැමැති පාසල් සිසුවෙකි.
මෙම සිසුවා සහ තවත් පිරිසක් සමග එම කැළෑවේ දර එකතු කිරීමට ගොස් තිබේ.එහෙදී බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී දෂ්ඨ කිරීමක් සිදුව ඇති බවත්, එහෙදී ඔවුන් ඉන් බේරීමට දිව යාමේදී මෙම සිසුවා හෙලකට වැටීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබු තවත් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝම සෝචනීය මරණයක්... දරුවා පළාත ගැන නොදන්න කෙනෙක් වෙන්න බැහැ. කලබල වුණාම මෙලෝ සිහියක් නැතිව දුවනවා... වටපිටාව ගැන කිසිම අවබෝධයක් නැතිව... පොඩ්ඩක් විමසිලිමත් වෙන්න තිබුණා. ඔහුට නිවන් සුව පතමි...