රා බලපත්‍ර අවභාවිතා කරලා? සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් රා එකතු කිරීමේ බලපත්‍ර භාවතා කරමින් ඇතැම් බලපත්‍රලාභින් නීතිවිරෝධී මත්පැන් ජාවාරමක නිරතවන බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 03 July 2023
ශ්‍රී ලාංකීය දන්ත වෛද්‍ය පර්යේෂක කස්සපට අන්තර්ජාතික සම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයි සරසවියේ සේවය කරන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙක් වන ආචාර්ය කස්සප ඇල්ලෙපොල මහතාට දන්ත වෛද්‍ය පර්යේෂණ නවෝත්පාදනය වෙනුවෙන් අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය සම්මාන පිරිනැමීය. 03 July 2023
ඉන්දියාවේ බෞද්ධ උරුමය ගංගාරාම විහාරස්ථානයේදී කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවිධානයෙන් ඇසළ පෝය නිමිත්තෙන් ඉන්දියාවේ පොහොසත් බෞද්ධ උරුමයන් ප්‍රදර්ශනය කරන විශේෂ ප්‍රදර්ශනයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අද (3) පැවැත්විණි. 03 July 2023
රාජගිරියේ ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තබයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නීති රීති අනුව අවම තොග පවත්වාගෙන යෑමට අපොහොසත් වූ රාජගිරිය ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකට මුද්‍රා තැබූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 July 2023
දින පහකට පසු හෙට සිට බැංකු වැඩ දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව කොටස් වෙළඳපොළ සාමාන්‍ය පරිදි හෙට (04) විවෘත කෙරේ. 03 July 2023
රේගුවෙන් කතානායකට වාර්තාවක් රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවී දඩයක් නියම කෙරුණු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 03 July 2023
වැඩසිටි කන්දෙන් පහළට කැබ්රියක් පෙරළෙයි කතරගම වැඩසිටි කන්ද විහාරස්ථානය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන කැබ් රථයක් කඳු මුදුනේ සිට පහත මාලය වෙත එමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි ගමන්ගත් බැතිමතුන් අට දෙනකු සුළු තුවාල ලබා කතරගම රෝහලට යොමුකොට ඇතැයි කතරගම පොලීසිය කියයි. 03 July 2023
පොලීසියට පාට් දැමූ දේශපාලන සහෝදරයා අත්අඩංගුවට වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙකු ගේ සහෝදරයකු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වායු පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි. 03 July 2023
පැරණි වාහන පාරට දාන්න සහනයක් වසර ගණනාවක් ආදායම් බලපත්‍රය නොගැනීම නිසා පාවිච්චි නොකර ගාල්කර ඇති පැරණි වාහනවලට සහන ක්‍රමයට ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට යෝජනා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 03 July 2023
උපන් රටට ගිය මූතූට බඩගිනි වැඩිලු තායිලන්තයට ගිය ‘‘මුතු රාජා හෙවත් ‘‘සක් සුරින්‘‘ ඇත් ගොව්වන් කැටුව ලම්පාන්ග් පළාතේ අලි ඇතුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානය වෙත ගිය ගමනේදී විනාඩි 5 - 10 කට වරක් කෑම ඉල්ලා හඬා වැටුණු බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ. 03 July 2023
ජපුර රෝහලේ ගිලන් රථ රියැදුරන් 3 කට වැඩ වරදී ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රය තුළ විනය විරෝධීව හැසිරුණේ යැයි චෝදනා එල්ල වී සිටින එම රෝහලේ ගිලන් රථ රියැදුරන් තිදෙනක්ට තාවකාලික වැඩ තහනම් පැනවූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 July 2023
කතරගම නිලමේට මැරයෝ ලවා ගස්සලා කතරගම වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රය කිරීමට ස්ථානය තෝරා ගැනීමේදී කතරගම බස්නායක නිලමේවරයා ඇතුළු පාර්ශ්වය සහ කපු මහත්වරුන්ගේ පාර්ශ්වය අතර ඉකුත් 30 වැනිදා හටගත් මත ගැටුමක් හේතුවෙන් එහි දැඩි උණුසුම්කාරී සහ ගැටුම්කාරී තත්ත්වයක් හටගත් බව කතරගම පොලීසිය පවසයි. 03 July 2023
බයිලා ගායක සමන් හෝටලයට 25,000ක් ගෙවයි පානදුර හෝටලයක ඊයේ (01) රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටී ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනිමට අද දහවල් එකගවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 03 July 2023
සෙල්ෆි ගන්න ගිය තරුණිය අත්තනගළු ඔයේ සැඟවෙයි අත්තනගළු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ලිස්සා වැටී දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹු පොලිසිය කියයි . 03 July 2023
බොරලැස්ගමුව කෝටි එකහමාරේ කොල්ලයට 3ක් අත්අඩංගුවට වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මානව සම්පත් කළමනාකරු ගේ බොරලැස්ගමුව කටුවාවල නිවසට උල් පිහියක් රැගෙන ඇතුළු වි මෙහෙකාරිය බියගන්වා රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි . 03 July 2023
විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න යෝජනාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මන්ඩල සංදේශය මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය. 03 July 2023
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ අවදානම් වැසි සහිත කාලගුණය හේතුවෙන් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශ තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසයි. 03 July 2023
තරුණියකට පහර දුන් කොස්තාපල්ගේ වැඩ තහනම් තණමල්විල රණවරා ව ප්‍රදේශයේ පදිංචි තරුණියකගෙ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී , ඇයට අතින් පයින් පහර දී තුවාල සිදු කොට , සාපරාධී බිය ගැන්වීමක් සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 03 July 2023
අර්ථසාධකේ ගැන හිටපු ජනපතිගෙන් සහතිකයක් ණය යෝජනාවෙන් අර්ථසාධක හා භාරකාර අරමුදල්වල සේවක මුදල් වලට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 03 July 2023
ලිට්රෝ මිල තවත් පහළට? ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 July 2023
මධ්‍යම ගබඩාවේ ඖෂධ 190ක හිගයක් මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 03 July 2023
පුතාගේ ශාන්ති කර්මයට නෙළුම් මල් කැඩූ පියා වැවේ ගිලෙයි නවගත්තේගම කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩිමට ගිය එක් දරු පියකු දියෙ ගිලී මරණයට පත්වි ඇති බව නවගත්තේගම පොලිසිය කියයි. 03 July 2023
සීයා සහ මුනුපුරා දිය රකුසාට බිලි නොරෝච්චෝල ඉලන්තඩිය කසකැලේ මුහුදේ දිය වැලකට හසුවු සීයා හා මුනුපුරෙකු දියේ ගිලි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි. 03 July 2023
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක් කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුටලුණු ලේවායට ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම තරුණයින් දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 03 July 2023
අන්තර්ජාලයෙන් ආ සමාගමක් ගෙවල් සිහිනය බොඳ කරලා නිවාස ඉදිකිරීම, ඉඩම් මිලදී ගැනීම, ඉතා සහන මිලට සිදු කර දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළකර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය මාලබේ ප්‍රදේශයේ ස්ථානයක් ගනුදෙනුකරුවෝ පිරිසක් විසින් වටලනු ලැබූහ. 03 July 2023
අද මිලි මීටර් 150 ඉක්මවන තද වැසි දිවයිනේ නිරිත දිග දැනට පවතින වැසිබර තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 July 2023
මුජිබර්ගෙන් චෝදනාවක් රුපියල් කෝටි ගණනක ජනතා මුදලක් නිකරුනේ වැයකර පාර්ලිමේන්තුව රැස්කර මූල්‍ය බලය පිළිබඳ තීරණ සීමාවකින් තොරව ජනාධිපතිවරයාට ගැනීමට අවසර දී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය. 02 July 2023
මේ පියා අතරමං කළාද? කාන්තාවක් ලෙස පෙනෙන ලෙස දිග ගවුමක් අන්දවා නාත්තන්ඩිය වැලිපැන්නගහමුල්ල හන්දියේ අතහැර දමා ගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයකු දුනකදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. 02 July 2023
ජනතාවට බොරු සිහින පෙන්වන්න එපා වත්මන් පාලකයන් රට පරිහානියට පත්කරමින් සිටින අතර රට හිඟාකන තත්වයට පත්වෙන නායකයො පිරිසක් පත්ව සිටින බවත් කොළඹ වරාය දික්ඕවිට දක්වා දික්කරන්නේ යැයි ජනාධිපතිතුමා පැවසුව ද ඒවා කළ නොහැකි සිහින පමණක් බවත් මැල්කම් කාදිනල් රංජීත් කොළඹ අගරදගුරු තුමෝ අද (2) පැවසූහ. 02 July 2023
පොලිස් නිලධාරියාට පොලු පහර දී සැඟවෙන්න බැරි වේ අච්චුවේලි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අද (2) සවස අත්අඩංගුවට ගත් බවත් අච්චුවේලි පොලිසිය පවසයි. 02 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026