(ඩී.ජී.සුගතපාල)
බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ සංචාරයකට පැමිණි දහම් පාසල් සිසුන් කණ්ඩායමක සිසුවෙකු උණවටුන රුමස්සලදී සිදුවු අනතුරකින් අද සවස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බිංගිරිය පුෂ්පාරාම විහාර මාවත පදිංචි ඒ.එම් ඒ.පී.අත්තනායක නමැති 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
මියගිය සිසුවා ඇතුලු සිසුන් 112ක කණ්ඩායමක් බස් රථ දෙකකින් පැමිණ පළමුව ගාල්ල කොටුව නරඹා උණවුටන සාම චෛත්‍ය නැරඹිට යන අතර අනතුර සිදුව ඇත.බස් රථ රූමස්සල කන්ද මාරගයේ ධාවනය කරමින් සිටියදි පටු ස්ථානයකදි ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදිම සඳහා බස් රථය පිටු පසට ගන්නාවිට මෙම සිසුවා හිස එලියට දමා ඇත. ඒ සමගම විදුලි පහන් කණුවක හිසවැදි බස් රථයට සහ විදුලි කණුවට හිස සිරවි ඇත.
පසුව බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.පශ්චාත මරණ පරික්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතණුවනි, ඔබට නිවන්සුව පතමු.
අද කාලයේ පාසල් සිසුන් බහුතරයකගේ විනයක් නැහැ. ගුරුවරුන්ට ඔවුන්ව පාලනය කරගන්න බැහැ. ගුරුවරුන්ට දොස් කියලා වැඩක් නැහැ.