ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට වෘත්තියෙන් ලියාපදිංචි වෛද්‍යවරයකු බව හඟවමින් නීති විරෝධී වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 02 July 2023
ණය යෝජනාව සම්මත බව භාණ්ඩාගාර ලේකම්ට දන්වයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මතවූ බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය භාණ්ඩාගාර ලේකම් වරයාට ඊයේ (1) රාත්‍රී ලිපියකින් දැනුම් දුන්නාය. 02 July 2023
හොර බඩු පෙන්නන්න ගිහින් ඉහළ මහලෙන් බිමට පැනලා අපරාධ හයකට සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු අත් මන්තු දමා සිටියදී කොටහේන මහල් නිවාසයක පස්වැනි මහලේ සිට බිමට පැනීම නිසා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 02 July 2023
හන්තාන නැග්ග සරසවි සිසුන් 42 රෝහලට හන්තාන කන්ද තරණය කිරීමට පැමිණි ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මීපේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් සිසු සිසුවියන් 42 දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ . 02 July 2023
තංගල්ලේ ධීවරයන් දෙදෙනා මුහුද මැද පැය පහක සටනක් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් මුහුදු රළකට හසුව පෙරලීයාමෙන් මුහුදට වැටුණු තංගල්ලේ ධීවරයන් දෙදෙනකු පැය පහකට අධික කාලයක් ජීවිතය හා මරණය සමඟ මහ මුහුදේ පොර බදද්දී මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් විසින් බේරා ගැනීමේ පුවතක් වාර්තා වෙයි. 02 July 2023
විදුලි සැර වැදී අයෙක් මරුට: දෙදෙනකු රෝහලට මිගොඩ පුවක්හේන පාර ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ දෙමහල් නිවසක උඩු මහලේදී තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනක් මතට පලංචියක් කඩා වැටීමෙන් විදුලි සැර වැදුනු තිදෙනකුගෙන් එක් පුද්ගලයකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි . 02 July 2023
ගිනි අවියක් සමග අයෙක් මාට්ටු පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් කපා කොටා වෙඩි තබා බරපතල තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ව සිටි ප්‍රධාන සැකකරු රාජගිරිය මාදින්නාගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 02 July 2023
නිධන් හෑරු අඹුසැමි යුවළක් මාට්ටු පොලොන්නරුව ලක්ෂ උයන ගම්මානයේ ගෙවත්තක වගා ළිඳක් තුළ නිදන්වස්තු කැණීම් කරමින් සිටි, අඹුසැමි ඇතුළු සිව්දෙනකු පළවෙනිදා සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. 02 July 2023
‘‘මුතු රාජා‘‘ උපන් බිමට යාමට සූදානමින් තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් ’’මුතු රාජා ’’ නොහොත් ’’ සක්සුරින් ’’ හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ. 02 July 2023
‘යුක්ලිඩ්’ අඳුරු පදාර්ථ සොයන්න යයි තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ විශ්වයේ ඇති අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගවේෂණය කිරීමේ අරමුණින්, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිපදවූ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය. 02 July 2023
තේ මිල පහත වැටී කර්මාන්ත ශාලා කඩා වැටේ තේ මිල අනපේක්ෂිත ලෙස, විශාල වශයෙන් අඩු වී ඇතැයි තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පවසයි. 01 July 2023
පොහොට්ටු තරුණ මැති ඇමැතිවරු අලුත් පාරක් කපති ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 01 July 2023
දේශීය ණය යෝජනාව සම්මතයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරුවේ වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත විය. 01 July 2023
නිර්වින්දන වෛද්‍යවරු 167කට ලංකාව එපාවෙලා ශ්‍රී ලංකාවේ නිර්වින්දන වෛද්‍යවරුන් 167 දෙනකු මෙරට සේවය අතහැර එංගලන්තයේ සේවයට ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 01 July 2023
ගාල්ලේ තැන් කීපයක පොළොව සෙලවේ ගාල්ල , නෙළුව අකුරැස්ස ඇතුළු ආදි ප්‍රදේශවල භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය කියයි. 01 July 2023
පාවහන් සමාගමේ ලොකාගේ අතේ පත්තු වූ ගේම ප්‍රසිද්ධ පාවහන් සමාගමක ආයතන ප්‍රධානියකුගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීමේ සිද්ධිය පැමිණිලිකරු විසින්ම රුපියල් ලක්ෂ 10 ක් ද කොන්ත්‍රාත්තුවක් මත සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව එම ප්‍රධානියා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු අපරාධ කොට්ඨාසය කියයි. 01 July 2023
හමුදාවෙන් පැන්නෙ සෙබලාගේ ගෙදරින් සොයාගත් දේ ගිණි අවි බලපත්‍ර ලබා දෙන බවට පුද්ගලයන් රවටමින් මුදල් ගරා ගැනීමේ යෙදුණු බව කියන යුද හමුදාවෙන් පළා ගිය සෙබළකු ජීව උණ්ඩ, නිල ඇඳුම් , ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය ලෙසට ඇඟවෙන සේ සකස් කළ ලිපි ශීර්ෂ ආදිය ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි . 01 July 2023
අරක්කු මිලත් ඉහළට ? අරක්කු මුල ගණන් ඉහළ දැමීමට සිදුව ඇතැයි එම සමාගම් පවසයි. නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසාත් අරක්කු අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීමට සඳහා ඉදිරි දිනවල අරක්කු මිල ගණන් ඉහළ යනු ඇතැයි ද එම සමගම් පවසයි. 01 July 2023
පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අයැදුම්පත් කැඳවීම 4 දා ඇරඹේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 01 July 2023
ව්‍යාපාරික නිවෙසට වෙඩි තැබූ තිදෙනෙක් මාට්ටු කොළඹ ප්‍රදේශයේ පිහිටි සමූහ ව්‍යාපාරයක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට ඉකුත් 22 වෙනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින තිදෙනකු ටී-56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සහ මැගසින් දෙකක් සමග කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද 1වැනි දාදිනයේ ට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 01 July 2023
එකට බී බහින් බස් වී තරුණයා මරලා පුද්ගලයකු කැත්තකින් කොටා ඝාතනය කර සිරුර පුළුස්සා දමා ඉතිරි වූ සිරුරු කොටස් මුතුරාජවෙල වගුරු බිමේ සැඟ වූ බව කියන පුද්ගලයෙක් පමුණුගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 01 July 2023
ජනපති ලෝකේ එක්ක යාළු නම් හොඳ අයි.එම්.එෆ් ගිවිසුමකට නොගියේ ඇයි? ජාත්‍යන්තර වශයෙන් ප්රශස්ත ගනුදෙනුවක් තිබෙන බවට පුරසාරම් දොඩවන වර්තමාන ජනාධිපතිවරයා හරහා රටට සුබදායී ගනුදෙනුවකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ කරවා ගැනීමට නොහැකි වූයේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 01 July 2023
ගින්නෙන් ට්‍රාන්පෝමරය අළු වේ මරදාන මාලිගාවත්ත ප්‍රදේශයේ ට්‍රාන්ස්පෝමරයක හදිසියේ අති වූ ගින්නකින් එම ට්‍රාන්පෝමරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 01 July 2023
ආණ්ඩුව කිවේ පට්ටපල් බොරුවක් දේශීය ණය කපාහරින්නේ නැතැයි ආණ්ඩුව පුන පුනා කීවේ පට්ටපල් බොරුවක් බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 01 July 2023
ණය ප්‍රශස්තකරණයෙන් සැප්තැම්බරයේ හොඳ කාලයක් ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 July 2023
සිගරැට් මිලත් මිලත් ඉහල යයි සිගරැට් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 01 July 2023
පොලිස් නිලධාරියට මිනීමැරුම් චෝදනා ප්‍රංශයේ පොලිස් අණ නොතකමින් රිය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නයෙල් නම් 17 හැවිරිදි තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර අඩංගුවට ගෙන තිබේ. 01 July 2023
සංක්‍රමණිකයන් රුවන්ඩාවට යැවීමට විරුද්ධයි බ්‍රිතාන්‍යයට සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණෙන ඇතැම් සංක්‍රමණිකයන් රුවන්ඩාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය නීත්‍යානුකුල නොවන බව බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණය තීන්දු කළේය. 01 July 2023
අධික උෂ්ණත්වය හේතුවෙන් 112 ක් මැරිලා මෙක්සිකෝවේ පසුගිය මාර්තු මස සිට මේ දක්වා අධික උෂ්ණත්වය හේතුවෙන් 112 කට අධික පිරිසක් මියගොස් ඇතැයි මෙක්සිකානු බලධාරීන් ප්‍රකාශ කර ඇත .එසේම තවත් 1559 දෙනකු අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බව මෙක්සිකානු බලධාරීන් පෙන්වා දී ඇත. 01 July 2023
පියාසර කරන මෝටර් රථය සඳහා අනුමැතිය අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය පියාසර කිරීම සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇත. 01 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026