(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රාගම  පුනුරුත්ථාපන රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ ලියා පදිංචි  වෛද්‍ය අංකය යටතේගම්පහ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

පැමිණිලිකාර වෛද්‍යවරියගේ වෛද්‍ය ලියාපදිංචි අංකය සඳහන් මුද්‍රාවක් සහ එම අංකය යටතේ සකස් කරන ලද ලේඛන 850ක තොගයක් ද මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබීපොලිස් භාරයට ගෙන ඇත.

රාගම පුනරුත්ථාපන  රෝහලේ සේවය කරන වෛද්‍යවරිය කළ පැමිණිල්ලක් අනුව  පරීක්ෂණ පවත්වා  හෙළිවූ තොරතුරු මත මෙම තැනැත්තා සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වසර 10ක පමණ කාලයක් තිස්සේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇතැයි කියති.