(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් කතානායකවරයා හමුවීමට තීරණය කර ඇතැයිද ඇය සඳහන් කළාය.
මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදීන්ට ස්තුතිය පුද කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් කළ යුත්තේ මාධ්‍ය හෙළිකළ තොරතුරු මත පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් අනාවරණය කරගෙන ඔවුනට දඬුවම් කිරීම බවද ප්‍රකාශ කළාය.
මේවා හෙළි කළ මාධ්‍ය පසුපස හඹා යෑම නොකළ යුතු බවද ඇය සඳහන් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිවීම නිසා ප්‍රධානියකුගේ වැඩ තහනම් කර ඇති හෙයින් මේ පිළිබඳව පරීක්ෂණ දිගටම පවත්වා සෙසු සැකකරුවන්ද කොටු කර ගැනීම පරීක්ෂණ කමිටුවේ වගකීම බව පැවසූ සභාපතිවරිය කමිටුවේ පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයද සියලු සහයන් දෙන බව සඳහන් කළාය.
තරුණ සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පරීක්ෂණ අපක්ෂපාතීව පැවැත්විය යුතු බවත් ඒවාට බාධා කිරීමට කිසිදු නිලධාරියකුට ඉඩ නොදිය යුතු බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට සුසන්තිකාවත් එකතුකරගෙන එස්.බී. ගොයියත් ඔය ගමන්ම තොණ්ඩුව දාන්න.
මේක සාපරාධී ක්‍රියාවක්... මේ පරීක්ෂණ පොලිසියට බාරනොදී දැන් සති ගණනක සිට නටන නාඩගම කුමක්ද?
ද සිල්වා මහත්තයෝ! පොලිසියට බාර දෙන්න! ඊට වැඩිය හොදයි, පස්ස පැස්ස ගලක උලා ගන්න එක...