(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුවපොලිසිය පවසයි.
මෙම සිසුවා එම විශ්ව විද්‍යාලයේතුන්වැනි වසරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන අයෙක් බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මොහු රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කහතුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන්ම වැටිලද? බහින් බස්වීමක් දුරදිග ගිහිල්ලා තල්ලුකරලා බිමට වැට්ටුවද?