(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
" මත්ද්‍රව්‍ය ජාවාරම ගමට හිසරදයක්" බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කිරීමේ සිද්ධියක් මුල් කරගෙන දොඩම්ගොඩ දොලේලන්ද ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන කඩා වැදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් මන්නා පිහියක් සහ ඝාතනයෙන් අනතුරුව පලා යාමට උපයෝගී කරගත් මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
ඝාතනයට ලක්වූ යේ දොඩංගොඩ දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්චිගේ දිමුත් චාමික නැමැති තිස්හත් හැවිරිදි එක්දරු පියකු බව පොලීසිය කියයි .
ඝාතනයට ලක්වූ පුද්ගලයා ඉකුත් 14 රාත්‍රී නිවස ආසන්නයේ මත්පැන් සාදයකට ගොස් යළි නිවසට පැමිණ සිටියදී නිවසේ දොර කඩාගෙන පැමිණි ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පිරිස තියුණු ආයුධවලින් පහර දී පළා ගොස් තිබූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිං කළ අය පමණක් උපත ලබන රට... පිං ලන්තය…