(යොහාන් භාසුර)

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් සඳහා කොන්ත්‍රාත්තුව පසුගියදා පිරිනැමීය.  

ලංකා විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් කැඳවා දේශීය ආයෝජක සමුහයක් ලෙස ලක්දනවි සමාගම, වින්ඩ් ෆෝස් සමාගම සහ බ්ලූ සර්කල් සමාගම ඒකාබද්ධව මෙම ටෙන්ඩරය ලබාගත් අතර  මෙම ව්‍යපෘතිය 2025 වසර අගදී අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.