(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය මේ මස 21 වැනිදා පෙරවරු 8.00 සිට 22 වැනිදා පෙරවරු 5.00 දක්වා තාවකාලිකව වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ දුම්රිය මාර්ගය හරහා ඇති මාර්ගයේ තාවකාලිකව වාහන ධාවනය අත්හිටුවන බවත් එම හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සැතපුම් /දම්වැල් අද කාලේ පාවිච්චි වෙන්නේ නැහැ. අපිට තේරෙන්නෙත් නැහැ. ඒ නිසා තේරෙන විදියට තැන කියන්න අපිට දැනගන්න...!
"සැතපුම් 04 දම්වැල් 18" - දෑන් අපි පාවිච්චි කරන්නේ කිලෝමීටර...
දුම්රිය දෙපාර්තමේන්තුව තවමත් යටත් විජිත ග්‍රහණයෙන් මිදී නැති බව පෙනේ. වහාම යාවත්කාලීන වෙන්න. පමාවුණා හොඳටම වැඩියි නේද?
අපේ කාලේ ඉගෙන ගත්තේ, යාර 22 දම්වැල් එකයි, දම්වැල් 10 පර්ලොන් එකයි පර්ලොන් 8 හැතැප්ම එකයි කියලා. දැන් කාලේ අය ඕවා දන්නේ නෑ.