IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා ක්‍රිකට් විවාදය 24

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුව ලබන 22 වැනිදා  සිට 25 වැනිදා  දක්වා රැස්වීමට  නියමිතය.

මේ අතර පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ  සංචාරක කටයුතු පනත යටතේ අංක 2324/14 දරන ගැසට් පත්‍රයේ පළ කර  ඇති නියමය ලබන 22 වැනිදා  විවාදයට ගැනේ.

අනතුරුව  ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන සභාව කල් කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය එදින   ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2336/45 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ  අංක 2336/71 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග ලබන 23 වැනිදා විවාදයට ගැනීමටද  තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අංක 2341/03 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියමයට ලබන 24  වැනිදා විවාදයට ගැනේ.

අපවත්වී වදාළ හිටපු මන්ත්‍රී   උඩවත්තේ නන්ද හිමි, අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන්වන එස්.ඒ.ආර් මද්දුමබණ්ඩාර සහ  සිරිසේන කුරේ යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදය ලබන 25 වැනිදා පැවැත්වේ.



අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් විවාදය 24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site