(යොහාන් භාසුර)
අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාසල් තුළ පවතින පුරප්පාඩු පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණයට එළමි බවත් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කීපයකදී ගුරුවරු දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා කීය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාරුව ලැබූ පාසලට නොගියොත් වැටුප අත්හිටුවයි
උපුල් මහේෂ් වනිගරත්න - කරණ්දෙණිය Friday, 18 August 2023 02:48 PM
අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා මේ වන විට වසර 18 ක් එම පාසලේ විදුහල්පති පුටුවේ ඉන්නවා. ආණඩුකාරයාගේ සිට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දක්වා ඒ බව දැනුවත් කරලයි තියෙන්නෙ. විගණකාධිපතිවරයා පවා දැනුවත් කරලයි තියෙන්නෙ. පාසලේ විභාග පතිඵල හොද බව පෙන්වන්න එම පාසලේ 11 ශේණිය දක්වා ඉගෙනුම ලබපු දරැවන් කිහිිප දෙනෙක්ම පසුගිය අපොස සාපෙල විභාගයට පුද්ගලික අයදුම්කරැවන් ලෙසත් ඉදිරිපත් කරල තියෙනවා.ඒ ගැන පැමිණිලි කරලත් තියෙනවා. කෝ විසදුම් හෝ දඩුවම්. පඩි නතර කරන්නේ අහිංසක ගුරැ වරන්ගෙ තමයි. ඔය ලොකු ලොකු අයගෙ බිරින්දෑවරැ හැමදාම නගරයෙ තියෙන පාසල් වල තමයි.දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් තනිකරම නීති විරෝධි කොමිසමක්්. කොහොමද නීතිය කියාත්මක කරන්නෙ. අම්බලන් ගොඩ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂට පිහියෙන් ඇන්නෙත් ගරැ මාරැවක් කරල නොගිය නිසා බිරිදගෙ පඩි නතර කලාට. ඒ නිසා නීතිය කාටත් සාධාරණව ඉටු කරන්න. මේ දිනවල මාරැවීම් දිගටම කරනවා. හැබැයි මාරැමණ්ඩල දන්නවද දන්නෙත් නැතිව ඇති.නොදන්න මිනිස්සු මේවට අභියෝග කරන්නෙත් නැහැ. කොහොම නමුත් නීති ය නම් කාටත් නීතිය එකසේ කියාත්මක වෙන්න ඕන.මාරැවීම් දිය යුතුයි. ඒ සදහා නිසි කිමවේදයක්
City Friday, 18 August 2023 09:11 PM
ජෝෂප් ස්ටාර්ලින් කෝ...?
චන්දනSaturday, 19 August 2023 07:58 AM
ඔබ කියන විදුහල්පති ගැන නම් මම දන්නේ නැහැ. වෙනත් කාරණයකුත් කියන්න තියෙනවා. වෘත්තිය සමිතිකාරයෝ තමන්ට අවශ්‍ය පරිදි මාරුවීම් කරනව සල්ලි වලටයි, හිතවත් කමටයි. වඳුරඹ මහ විදුහල හොඳම උදාහරණය. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන්න එකම ගුරුවරයෙක්වත් නැහැ. භෞතික විද්‍යාවට හිටපු එක්කෙනා අවුරුදු 3යි. නිකම්ම මහින්දෙට යැව්වා. ඒ වෙනුවට කවුරුත් නැහැ. විද්‍යාව ගුරුවරයා විද්‍යාලෝකයට යැව්වා. සේවය අවුරුදු 2යි. ඒකට විශල මුදලක් අරගෙන වෘත්තිය සමිතියක් වැඩේ කළා කියලා ආන්දෝලනයක් තියෙනවා. ඒ වෙනුවටත් කවුරුත් නැහැ. ඒ දෙන්නම වඳුරඹින් නිදහස් කරලත් නැහැ. ගාල්ලේ නගරයේ ගුරුවරු වැඩියි. සිරිධම්මෙත් ගුරුවරු හිගයි. කිසිම පිලිවෙලකට මාරුවීම් කරලා නැහැ. ගෘහ විද්‍යාව උගන්වන ගුරුවරියක් පදිංචිය ගාල්ලේ දාලා තියෙන්නේ වඳුරඹට. වඳුරඹ අයෙක් සිරිධම්මෙට දාලා. දෙන්නගේ මාරුවීම පාසල් 2ට වෙනස් නොකලේ වෘත්තිය සමිති මැදිහත්වීමකින්. මෙවාට වග කියන්නේ කවුද?
කේ.ටී. - අම්බලන්ගොඩ Friday, 18 August 2023 04:32 PM
උපුල් මහේෂ් දන්නේ ටිකයි. මේ විදුහලපතිට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ මේ වනවිටත් පැමිණිලි 03 ක් විභාග වෙනවා. මෙයාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ. උපයාගත්තු මුදලෙන් ලැබෙන පොලිය විශ්‍රාම වැටුප වගේ හතර පස් ගුණයක්. ලොකු ලොක්කෝත් මේවාට අත ගහන්නේ නැහැ. නැත්නම් කොහොමද අවුරුදු 18ක් ඉන්නේ. ළමයෙක් පාසලට දාලා ගන්න මුදල කට්ටිය එක්ක ගානට බෙදා ගන්නවා... හාල් කිලෝවක මිල රුපියල් දාහට ගියත් මේ අයට ගානක් නැහැ.
don Friday, 18 August 2023 06:07 PM
ගුරු සේවයට එන්න ඕනම තැනක රස්සාව කරන්න බලාගෙන නෙවෙයිද?
නිමල් - සීනිගම Friday, 18 August 2023 10:09 PM
අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිගේ කියාකලාපය ඉතා බරපතළයි. වහාම පියවර ගන්න...
Ana Saturday, 19 August 2023 10:51 AM
මමත් අවුරුදු 10 හමාරක් එකම පාසලේ... හැබැයි එපා කියලා ළමයිවත්, විදුහල්පතිවත් කියන්නේ නැහැ. මට දිගටම ඉන්න ඕනෑ නැහැ. හැබැයි මගේ විෂයට ගුරුවරයෙක් නැතිව යන්නෙත් නැහැ. ගුරුවරයෙක් විදිහට සමාජ වගකීමක් තියෙනවා...