
(සුජිත් හේවාජුලිගේ)
අධික නියගය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක පවුල් 54979 දෙනකු උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.
උග්‍ර ජල හිඟයකට මුහුණදී සිටින මෙම පවුල්වලට පුද්ගලයන් එක් ලක්ෂ අසූ තුන් දහස් තිස් අටක් ඇතුළත් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
උග්‍ර ජල හිඟයට මුහුණදී සිටින ජනතාව අයත් වන දිස්ත්‍රික්ක 15 වන්නේ රත්නපුර ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර පුත්තලම කුරුණෑගල යාපනය මන්නාරම මුලතිව්, වව්නියාව, බදුල්ල මොනරාගල හම්බන්තොට ගම්පහ සහ මාතලේය.
උග්‍ර ජල හිඟයට මුහුණදී සිටින වැඩිම පිරිසක් අයත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයටය. එම දිස්ත්‍රික්කයේ උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව 21,999කි. එම පවුල්වලට පුද්ගලයෝ 70238 ක් ඇතුළත් වෙති.
උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින ජනතාවට ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පැවසූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ජලය බෙදා හැරීමට රටපුරා බවුසර් 200ක් යොදවා ඇතැයිද සඳහන් කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින බවද ඔහු පැවසුවේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 4039ක්ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2320 ක්ද මඩකලපු දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කයේ පවුල් 8892ක්ද අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739ක්ද පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 786 ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් හාරදාස් හාරසිය තිස් තුනක්ද මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් නවසිය පනස් දෙකක්ද මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් දෙසිය දෙකක්ද වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 450 ක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 329 ක්ද මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 140ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1513 ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 922ක්ද මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 263ක්ද උග්‍ර ජල හිඟයට මෙසේ මුහුණදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර නියග තත්වය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල වන සතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද දැඩි පීඩාවට පත්ව සිටින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න දෙයක් නෑ . වතුරත් අනික් දේවල් වගේම ඉන්දියාවෙන් හරි තායිලන්තෙන් හරි ගෙන්න පුලුවන් . මෙච්චර වතුර තියෙන රටක, එව රැස්කරල තියාගන්න මොලයක් නැති රටක, බිත්තර , හාල්, සරුංගල් , අටපිරිකර රටින් ගෙන රටක, මෙව ප්‍රශ්න නෙවේ
ලියනගේ මහත්තයෝ ඔබතුමා හරියට හරි... ලංකාවේ මිනිස්සු බුදුදහම අදහනවා කියලා කිව්වාට අදහන්නේ නිගන්ඨනාථ පුත්තගේ ණයට අරගෙන ගිතෙල් කෑමේ න්‍යාය තමයි. ඇත්තටම රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ කොට්ඨාසයේ හා රක්වාන කොට්ඨාසයේ කොටසක් හැරෙනවිට අනෙක් ප්‍රදේශවල ජලය හිඟයක් හදලා තියෙන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූවිද්‍යා හා පතල් සම්බන්ධ රාජ්‍ය ආයතන තමයි. කෙනෙක් ගිහිල්ලා බැකෝ පතල් සඳහා අවසර ඉල්ලීම කළොත් දෙනවා. අන්තිමේ වෙන්නේ භූගත ජලය මුහුදට යැවීම සමග කාන්තාරයක් ඇතිවීම පමණයි කොටින්ම කිව්වොත් කිසිම දේකට රටට වැඩදායී සැලසුම් නැහැ ප්‍රතිපත්ති නැහැ...