‘අපුර‘උණුසුම තවත් වැඩිවෙයි අනුරාධපුර ඇතුළු රජරට කලාපයේ උණුසුම් කාලගුණයක් යළිත් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා අංශයේ වාර්තා අනාවරණය කරයි. 30 June 2023
රට යවන බව පවසා මුදල් වංචා කළ කතක් ගුවන්තොටුපොළින් අල්ලයි පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (30 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .ඇය 44 හැවිරිදි කොළඹ , බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. 30 June 2023
බස් නඩුවට අතුරු නියෝගයක් අන්තර් පළාත් බස් රථ සඳහා නිකුත් කර ඇති බලපත්‍ර 430 ක් අහෝසි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (30) අතුරු නියෝගයක් නිකුත් කළේය. 30 June 2023
කටාර් ගුවන් සේවයෙන් ලාංකිකයන්ට අවස්ථාවක් කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව එම සමාගම ශ්‍රී ලංකාවටත් ලබා දී ඇත. එළඹෙන ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කළ හැක. 30 June 2023
ලංකා සතොස සහල් වර්ග 3ක මිල අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (30) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. 30 June 2023
දෙහිවල සත්වෝද්‍යානය ළමුන්ට නොමිලේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් ලබන ජූලි මස 3 වැනිදා වයස 12 න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 30 June 2023
නව ගුවන් හමුදාපති වැඩ බාර ගනී නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන්හමුදා මුලස්ථානයේදී අද(30) පෙරවරුවේ වැඩ බාර ගත්තේය. 30 June 2023
එන්නතක් විස වී එක් දරු මව මරුට උදරයේ අබාධායක් සඳහා ප්‍රථිකාර ගැනීමට රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් බව කියන එන්නතකින් පසු ඇති වූ අසාත්මිකතාවයකින් මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. 30 June 2023
විදුලියට සහන දෙන්න මහජන කොමිසම රැස්වෙයි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට මහජන උපයෝගිතා කොමිසම අද (30) පස්වරු 12.30 ට රැස්වන බව එම කොමිසමේ නිලධාරියෙක් පැවසීය. 30 June 2023
යතුරුපැදි එකිනෙක ගැටී 2ක් මරුට යාපනය අරාලි වඩුක්කොට්ටේයි මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි සිදු වූ අනතුරින් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි යාපනය පොලීසිය සදහන් කරයි. 30 June 2023
පොලිස්පති සියල්ල අකුලාගෙන ගිහින් පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානය ආරංචි මාර්ග කියයි. 30 June 2023
රුසියාව කූලී හේවායෝ තව වැඩි කරයි රුසියාවේ වැග්නර් කුලී හේවා කණ්ඩායමට තවමත් සොල්දාදුවන් බඳවා ගන්නා බව වාර්තා වී ඇත. 30 June 2023
අච්චුවේලි කලබලයට 31 ක් අත්අඩංගුවට තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරී යැයි කියමින් 500 ක පමණ පිරිසක් අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි තරුණයෙකුගේ නිවසක් වටලා පහර දෙමින් සිටියදී එම තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළව කාන්තාවන් ඇතුළු ඇතුළු පුද්ගලයින් තිස් එක් දෙනෙකු අච්චුවේලී පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 30 June 2023
අද දවස ගැන කාලගුණයේ අනාවැකිය සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 June 2023
පොලිසියේ හිටපු ලොක්කෙක් ගිනි අවියක් අහුලා පොලිසියට බාරදීලා 82 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යාබද ඉඩමේ තිබී ඇහුලු බව පවසමින් පිස්තෝලයක් සහ ජිව උණ්ඩ 24 අඩංගු මැගසිනයක් මොරටුව පොලිසිය වෙත භාරදී ඇතැයි ගල්කිස්ස කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 30 June 2023
සැප බසය ගින්නෙන් අළු වේ යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේදී ගිනි ගැනිමෙන් බස් රථය සම්පූර්යෙන්ම විනාශවී ඇතැයි පොලිසිය කියයි. 30 June 2023
පළාත් පාලන නාම යෝජනා ගැන නීතිපති උපදෙස් පතයි පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. 29 June 2023
යුද හමුදා නිළධාරීයකු සහ පාතාලයකු ගිනි අවි සමග අල්ලයි නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටී අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු බව කියන පුද්ගලයකු සමඟ යුද හමුදා කපිතාන්වරයෙක් ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පැවසීය 29 June 2023
විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ඉහළ නගී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ. 29 June 2023
ඇමෙරිකාවේ රැකියා පෙන්නා මුදල් ගරලා ‘ජයභූමි පදනම’ නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින්, ඇමරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකළ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පැවසීය. 29 June 2023
රෝහලේ වලිය බිළිඳකු පිටින් යවලා හෝමාගම මූලික රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ වෛද්‍යවරුන් සිටියදී වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව හුවා දක්වමින් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති තිස් හතරක බිළිඳකු අත්තනෝමතික ලෙස අවිස්සාවේල්ල මූලික රෝහලට මාරු කර යවා ඇතැයි එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. 29 June 2023
සරසවියක් කියල දැනෙන්න නම් ගහ ගන්නම ඕන:සිල් ගත්තාට පත්තරවල යන්නේ නෑ “විශ්ව විද්‍යාලයක් සැබැවින්ම එය විශ්ව විද්‍යාලයක් බවට දැනගන්නට නම් අද බස් දෙකක් වත් ගිනි තියලා තියෙන්න ඕනෑ. දහයක්වත් හිරේ ඉන්න ඕනෑ. දහ දෙනෙක් විතර ගුටි කාල තියෙන්න ඕනෑ. අට දෙනෙක් විතර එකවර ඔළු පලාගෙන ඉන්න ඕනෑ. ඕවනෙ පත්තර වල යන්නෙ එහෙම නැතිව සීල ව්‍යාපාරයක් කළාට මේ වගේ රුක් රෝපණ ව්‍යාපෘතියක් කළාට පත්තරවල ඕව යන්නෙ නැහැ. මොකද මේවට ඒ තරම් ඇදිල යන ගතියක් නැහැ. ” යැයි වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ගනේවත්ත කැකු 29 June 2023
ඩබල් වූ ලොතරැයිය ශ්‍රී ලංකාවේ ලොතරැයි ආයතන දෙක වන ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයියක මිල සියයට 100 කින් හෙවත් දෙගුණයක් කිරීමට තීරණය කර තිබේ. 29 June 2023
තෙල්දෙණියේ මහා වාහන කොල්ලය තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි. 29 June 2023
වෙරිමරගාතේ සිටි සිසුන් දෙකක් පොලිස් බාරයට අරක්කු පානය කර වෙරි මරගාතේ වේයන්ගොඩ ගුවන්පාලම මත සිටි අවුරුදු 15ක් අවුරුදු 16ක් වයස සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 29 June 2023
අස්වැසුම දෙද්දී අසාධාරණකම් එපා කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවකු අත් නොහැරෙන ලෙස “අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. 29 June 2023
එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම සුවසැරියට මිලියන 15ක් දෙයි ශ්‍රී ලංකා විදුහිලබල මණඩලයට කොටස් හිමි ශ්‍රී ලංකාවේ විදුලිබල ක්‍රෙෂ්ත්‍රයේ ප්‍රමුඛතම ඉංජිනේරු සමාගමක් වන එල්.ටී.එල්. හෝල්ඩිං සමාගම ඉකුත් දා සුවසැරිය පදනමට රුපියල් මිලියන 15ක මුදලක් පරීත්‍යාග කළේය. 29 June 2023
විශේෂඥ වෛද්‍යවරු 50ට 50ක් රට ගිහින් රටට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 4000ක් වුව ද දැනට සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක පමණ සංඛ්‍යාවක් යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි. 29 June 2023
බස් ගාස්තුවේ වෙනසක් නෑ මෙම වසරේ ජූලි මස 1 වැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ වෙනසක් නොවන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (29) පැවසීය. 29 June 2023
2022 වසරට වඩා පසුගිය මාසයේ සංචාරකයන් ඇවිත් මෙරටට පැමිණි සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට වඩා ගත වූ මාස හය තුළ පමණක් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 29 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026