(සුජිත් හේවාජුලිගේ )
දේශගුණ සහ කාලගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාව රටක් ලෙස කිසිදු පියවරක් ගෙන නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවාය.
අප දේශගුණ කාලගුණ විපර්යාස පැමිණෙන බව දැන දැනත් ඒවාට කිසිදු පියවරක් නොගන්නා ජාතියක් බවත් දේශපාලනය මේ පිළිබඳව දක්වන නොසැලකිලිමත්භාවය ගැටලුව උත්සන්න කිරිමට හේතුවූ බවත් ඇය සඳහන් කළාය.
ජලය කළමනාකරණය කිරීම සඳහා නිසි පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි ගැටළුකාරි තත්වයකට මුහුණදීමට රටේ ජනතාවට සිදුවන බවද මහාචාර්යවරිය කීවාය.
කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් ලංකාවේ විධිමත් ආකාරයට පරීක්ෂණ සිදු නොවන බව පැවසූ විතානගේ මහත්මිය මෙවැනි ආපදා හරියාකාරව අර්ථ දැක්වීමට නොහැකිවී ඇත්තේ ඒ හේතුවෙන් බවද ප්‍රකාශ කළාය. දේශගුණ කාලගුණ විපර්යාසවලට මුහුණ දීමට රටේ කිසිදු සැලසුමක් නැති බවත් දේශපාලනයටද ඒ පිළිබඳව වගවීමක් නැති බවත් ඇය සඳහන් කළාය.
මේ අර්බුද අර්බුදයෙන් මිදීමට නම් ලංකාවේ ජලය කළමනාකරණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පැවසූ මහාචාර්යවරිය වාපී ශිෂ්ටාචාරයක් පවතින ශ්‍රී ලංකාවට එය අපහසු කටයුත්තක් නොවන බවද ප්‍රකාශ කළාය. අහසින් වැටෙන ජලය එකතු කර ගැනීමට උත්සාහ ගත යුතු බවත්එසේ නොකළ හොත් අනිවාර්යයෙන්ම පානීය ජලය ගැටලුවක් මතු වන බවත් ඇය කීවාය.
විශේෂයෙන්ම වියළි කලාපයේ ජල ගැටලුවක් පවතින බව පැවසූ විතානගේ මහත්මිය සමහර ප්‍රදේශවල ජලයේ කඨිනතාව ලවණතාව ෆ්ලෝරයිඩ් වැඩි මට්ටමක පවතින බවත් පැවසුවාය. මේ ගැටලු හරියට කළමනාකරණය කර නොගත්තොත් ඉදිරියේදී ජනතාවට ලොකු ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇය වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යො මෙයා තාම නිදැල්ලෙද පොලිසියෙන් ඇරස්ට් කලේ නැද්ද ඉස්සර මහ ලොකු පචයක් කියල අන්ය ආගමියන්ගෙ හිත කඩපු කෙනා නේද?
අයි එහෙම කියන්නෙ? රට පුලුවන්තරම් හොරාකාලා පිටරට මුදල් දේපල තැන්පත්කරනවා. අ ර් බු ධ ය ආවහම එ එ රටවලට පවුල් පිටින් යනවා. පහුගිය දවස්වල පවුල් පිටින් ගිය විත්තිය ප්‍රසිද්ධ මාධය තුලින් දැක්කා අපිටනම් මතකයි. ප්‍රශ්නෙට විසදුම.
මෙතුමිය කියනදේ 2048 වීමට පෙර තවත් වසර දහයකට පෙර අනිවාර්යයෙන් සිද්ධ වනවා කියලා කියන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ මහා පරිමාණයේ කරන බැකෝ පතල් නුදුරේදීම රට කාන්තාරයක් කරාවි ඒකට භූවිද්‍යා හා පතල් කාර්‍යාංශයත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ත් මුලුමනින්ම වගකියන්න ඕන බැකේ පතලක් දැම්මාම අතිවිශාල වතුර පොම්ප කීපයක් පැය විසිහතර පුරා වතුර ඉසිනකොට භූමියේ සියලු වතුර ඉවත්වෙනවා ඒවා මුලින් කියපු එකෙක් වත් සලකන්නේ නැහැ ජාති හිත්‍යයිශීන් ලංකාවෙ සිටීනම් මේගැන සිතත්වා
මැඩම්, මුන්ට ඕවා ප්‍රශ්න නෙවෙයි. ලාංකික මී ගවයන්ගේ කර අඹලා, නැත්නම් නාස් විදලා චන්දෙ ගන්න විදිහයි මුන්ගෙ ප්‍රශ්නෙ .
කර්මය කියන්නේ ඕකට තමයි
මම West Africa රටවල වැඩ කරලා තියෙනවා ලෝක බැංකු CFO කෙනෙක් හැටියට. හුඟක් විශාල ඒ වගේම පරණ සුද්දෝන්ගේ කොම්පැනි වල වහලේ / බංගලාවල වැහි වතුර ගේ යට තියෙන ලොකු භූගත ටැංකියකට එකතු වෙන විදියට හදල තියෙන්නේ. ඒ වතුර නාන කාමර කුස්සිය garden එකට පාවිච්චි වෙනවා. අද ඊයේ කරපුවා නෙවෙයි අවු 60 - 70 කාලේ ඉඳන් සැලසුම් කරපුවා.සමහර වනාන්තර වල ගස් එකක් එකක් ගානේ සටහන් කරල අතින් ඇඳලා තියෙනවා. විශාල කොළ රෝල් ගොඩවල් තියෙනවා. අද ඒ හැම ගහක්ම ලොකු වෙලා. බටහිර රටවල් දියුණු වෙලා තියෙන්නේ අපේ වගේ දේශපාලන මැට්ටෝ නැතුව මේ වගේ අයට සුදුසු තැන් දීපු නිසා. අපේ වගේ නෙවෙයි. ඒ රටවල වතුර බොන්න බෑ. පාර අයිනේ ගොඩ ගහල තියෙන වතුර පැකට් එකක් අරන් බොන්න ඕන, කොච්චර දුප්පත් උනත්. ඒ අතින් ලංකාවේ ඉන්නේ තාමත් ගල් යුගේ ටත් එහා. ගල් යුගේ මීට වඩා දැනුමක් අපිට තිබුනා. ලංකාවේ දේශ පාලුවෝ රුහුණේ ඉන්න මීහරක් ගාලක් වගේ. මෙතුමිය කියන කතාව ඒ මිනිස්සු දැක්කේ අවු 60 - 70 කට කලින්.
එහම වෙන්න කොහොමද , අපේ පින්පති තුමා රටේ තියෙන සොච්චම් ඩොලර් ටිකත් වියදම් කරගෙන පහුගිය කාලේ ඔය දේශගුණික විපර්යාස සමුළු කීයකට ලෝකේ වටේ ගියාද ? එයා ඕකට අනිත් රටවල් වලටත් වඩා ලංකාව සුදානම් කරලා ඇත්තේ
කිසි ප්‍රශ්නයක් නැහැ .රටේ ඇතුලේ වතුර නැතුව ගියොත් රට වටේ මුහුදේ වතුර තියනවා ඕන තරම් .ගිහින් මුහුදේ පනින එකයි ඇත්තේ
අදහස් එවන්න කියන්නෙ මොකටද ????????????
අර පුත්තලම් බූරුව කිව්වා වගෙ, වතුර බොන්නද? කියල අහන්න ඔනෙ මේ වෙලාවට තමයි
කිසිම කෙනෙක් මෙයා කියන දේවල් ඒ තරම් සීරියස් ගන්න එපා. කෝවිඩ් කාලේ බොරු කියලා පච වුනු හැටි මතකයිනේ. මැය සතුව කිසිම විද්‍යාත්මක පදනමක් දත්ත නොමැති බවක් පෙනෙන අතරම බොරු තනතුරු දරාගත් පමණින් ප්‍රමාණික උගතුන් වන්නේද නැත. අනෙක භුගෝල විද්‍යාව සතුව අනාවැකි කීමේ කිසිම ක්‍රම වේදයක්ද නැත. එහෙත් ඇය නොදන්නා රසායන විද්‍යාව, භූ ගර්භ විද්‍යාව හෝ භොෟතික විද්‍යාව ගැන කතා කිරීමෙන් අනාගත් ඉතිහාසයක් නම් ඇත.
බයවෙන්ඩ දෙයක් නෑ මතිණියනි, 13 අකර්මන්‍ය වීම තමයි තියෙන මේ හැමදේටම මුල. ඒකනෙ බුද්ධිමත් මැතිසබේ ඇත්තො කරඬුව වගේ උස්සගෙන දැන් ඔය දඟලන්නෙ..
මෙයාව කීයටවත් විශ්වාස කරන්න බැහැ. මෙයා කිසිම පදනමක් නැතුව තමයි කොවිඩ් කාලේ කොවිඩ්වලින් මැරිච්ච මළ සිරුරු පුච්චන්න කියල රජයට වැරදි උපදෙස් දුන්නේ. එකේ ප්‍රතිපල තමයි ජනීවා මානව හිමිකම් සමුළුවේදී අපේ මිත්‍ර රටවල් අපිට විරුද්ධව චන්දය දුන්නේ. අනික මෙයාට වයිරස් පිළිබඳව කිසිම අවබෝදයකුත් නැහැ.