
(විමුක්ති එස් රුද්‍රිගු)
දකුණු අප්‍රිකාවේ දුෂ්කර පළාතක බැබුන් 50 දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් දිවියකුට පහර දෙනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍ය හුවමාරු වේ.
පහර දීමට ලක්වූ දිවියා බැබුන් කණ්ඩායමේ සිටින එක් බැබුනකු දඩයම් කිරීමට උත්සාහ දරන අතර එම එම සත්වයා බේරා ගැනීම සඳහා සෙසු බැබුන් සතුන් පැමිණ දිවියාට පහර දෙති
පහර කෑමට ලක්වන දිවියා අවසානයේ බැබුන් සතුන්ට බියවී අනතුරුව කැලයට දිව යයි.
මාර්ගයේ ගමන් ගත් වාහන මෙම සිදුවීම හේතුවෙන් නවතා ඇති අතර එම වාහන වල සිටි අයද මෙම සිදුවීම වීඩියෝ කර තිබේ. මෙම පුවත ඊයේ(15) සමාජ මාධ්‍ය වෙත උඩුගත කර ඇති අතර මේ වන විට ලක්ෂ දෙකක පිරිසක් නරඹා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකමුතු උනොත් කරන්ට බැරි දෙයක් නැහැයි කියන්ට හොදම උදාහරනයයි. අපේ දේශපාල්කයින්ගාව මෙහෙම එකමුතුකමක් තිබුනානම් රට කොච්චර දියුනු වෙලා ඇතිද ??