IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහේ අස්වැන්න ලැබෙන තෙක් සහල් තොග ප්‍රමාණවත්

(අංජුල මහික වීරරත්න)

එළඹෙන මහ කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් දැනට  ඇති සහල් තොග  හා වී තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කෘෂිකාර්මික අංශයේ  තොරතුරු හා දත්ත රැස්කිරීම පිළිබඳ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

දැනට සිදු කර තිබෙන පුරෝකථනයන් අනුව  පවතින සහල් හා වී තොග 2023/24 මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් ප්‍රමාණවත් වනු ඇති බවත්, සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇති බවත් එම මධ්‍යස්ථානය අවධාරණය කළේය.

එමෙන්ම අතිරේක ආහාර බෝග වන මුං ඇට, කව්පි, උඳු, රටකජු හා කුරක්කන් ද අවශ්‍ය ප්‍රමාණයට තොග රට තුළ පවතින නිසා ආහාර හිඟයක් ඇතිවීම සම්බන්ධව බියක් තබා ගත යුතු නැති බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

එමෙන්ම කුකුළු මස් හා බිත්තර  ද මෙම වසර අවසන් වන තෙක් පාරිභෝජනයට අවශ්‍ය තරම් පවතින බවත්, එළවළු මිල ඉහළ යාම පවතින නියඟය හමුවේ තවදුරටත් පවතින අයුරින්ම තිබෙනු ඇතැයි ද එම මධ්‍යස්ථානය අදහස් පළ කළේය.



අදහස් (0)

මහේ අස්වැන්න ලැබෙන තෙක් සහල් තොග ප්‍රමාණවත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 375 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site