(සුමිත් පොතුපිටිය)

නාගොඩ මහ රෝහලේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයන් පිරිසක් සහ රෝහලේ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීන් පිරිසක් අතර අද පස්වරුවේ ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් පුද්ගලයන් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව රෝහල් කරයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ රෝගීන් බැලීමට පැමිණි පුද්ගලයකු සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිළධාරීයෙක් බව සදහන් වේ.

නේවාසික රෝගීයකුගේ සුවදුක් බැලීම පස් දෙනකු පමණ පැමිණ ඇති අතර, ඇතුළුවීමට යාම සම්බන්දයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් ප්‍රධාන දොරටුව ඉදිරිපිට ගැටුම සිදුව ඇති බව පොලිසිය කීය.

රෝගීයෙකු බැලිම සදහා පැමිණි පුද්ගලයකු අත තිබූ අවසර පත්‍රය ආරක්ෂක නිළධාරීයකු උදුරාගෙන ඇති බවත් ඉන්පසුව ඇතිවූ උණුසුම් තත්වය අතරතුර 15 දෙනකුට ආසන්න පිරිසක් අතින්, පයින්, ඉදල් වලින් සහ බට උපයෝගී කරගනිමින් ගුටිබැට හුවමාරුව සිදුව ඇති බවත් සදහන් වේ.

දෙපිරිස අතර ඇතිවූ ගුටිබැට හුවමාරුව රෝගීන් බැලිමට පැමිණි පිරිස් මෙන්ම කොළඹ මතුගම මාර්ගයේ ගමන්ගත් විශාල පිරිසක් බලාසිටි ඇති බවත් සදහන් වේ.