(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 9 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.
කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට් කිලෝවක් රුපියල් 25 කින්, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 15 කින්, බාස්මති හාල් කිලෝවක් රුපියල් 15 කින්, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 10 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 5 කින්, කඩල කිලෝවක් රුපියල් 5 කින්, සුදු ලූණු කිලෝවක් රුපියල් 5 කින් සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 4 කින් අඩු කළ බව සතොස කීය.
ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 970 කට, සෝයාමීට් කිලෝවක් රුපියල් 625 කට, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 1160 කට, බාස්මති හාල් කිලෝවක් රුපියල් 675 කට, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 350 කට, අර්තාපල් කිලෝවක් රුපියල් 325 කට, කඩල කිලෝවක් රුපියල් 555 කට, සුදු ලූණු කිලෝවක් රුපියල් 630 කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 147 කට මිලදී ගත හැකි බව ද සතොස වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාස්මතී නම් තව ටිකක් ගණන් ඇරියත් කමන් නැහැ. කිරිපිටි, හාල් මැස්සෝ, අල, පරිප්පු, සුදුසීනි වගේ ඒවා තව ගොඩක් අඩු කළොත් හොඳයි. ඔය ගානට කන්න බැහැ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට එදිනෙදා අවශ්‍ය කෑමබීම තව ගොඩක් අඩුකරන්න. ලොකු ලොකු අය කරපු අපරාධ වලට පොඩි අපි මොනවා කරන්නද?
සුදුළූණු වෙළෙන්දා ඔන්න දැන් මාධ්‍යය විකුණනවලු... !
සතොස පාඩු තියාගෙන භාණ්ඩ කිහිපයක මිල පොඩ්ඩක් අඩු කරනවා... ඊට පස්සේ නන්දෙ උද්දමනය තවත් අඩුවෙලා කියලා රිපෝර්ට් එකක් හදලා පෙන්වනවා.
වැඩි කරනකොට සියගණන් වලින් වැඩි කරලා අඩු වෙන්නේ 10/15යි.