IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ අධ්‍යාපන ක්‍රමයක් ගේනවා

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ගෝලීය අභියෝග වලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන අතර කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය,  ජෙනොම්  විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමඟ ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව  සඳහන් කළේය. 

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව කීවෙි  නුගේගොඩ අනුලා විද්‍යාලයේ  2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

අතීතය ගැන පමණක් සිතන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැරව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එක්විය  යුතු බවත් මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයකින් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 



අදහස් (8)

නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ අධ්‍යාපන ක්‍රමයක් ගේනවා

pakeer Thursday, 17 August 2023 12:25 PM

මුලිම බන්...අඩ්යාපනෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපල්ල..ඉන් පස්සෙ....හරියට ගුරුවරු ටික යොදපල්ල...දැනටම බලපල්ල..ඉස්කොල කීයකට විදුහල්පතිල නැද්ද කියල. ගුරුවරු අඩුද කියල..උඹලගෙ තියෙන්නෙ ලොරි ටෝ....

:       4       9

සෑම් Thursday, 17 August 2023 12:54 PM

තමුසේ ගෙදර යනවා එතකොට අධ්‍යාපනය ප්‍රායෝගිකවම අපහසුවක් නැතුවම හැදෙයි

:       5       9

Hafeel Thursday, 17 August 2023 01:59 PM

ආපු දා ඉඳන් කියන්නේ එහම කරනවා, මෙහම කරනවා මිස කරපු දෙයක් නැහැ. කොහොමත් වෙන්න නැහැ කියල දැනගනම සේරම එකතු වෙන්න ඕනේ කියලත් ආපු දා ඉඳන් කියනවා. දැන් මෙයාට පාර්ලිමේන්තුවේ 134 සහිත ඉතා බහුතර බලයක් තියද්දී, ඇයි සේරම එකතු වෙමු කියල බොරුවට කල් මරන්නේ? සේරම එකතු වෙන්න අවශ්‍ය නැහැ. රටේ ශක්තිමත් විපක්ෂයක් සිටියයුතුයි. ගෞටාබය ඉතා අසීමිත් බලය තිබිලත්, අන්තිමට රටින් පෙනල යන්න වුනා. වැඩ කරන්න කෙනක්ට දැන් තියන බලය ඕනේ තරම් ප්‍රමාණවත්.

:       1       5

රනේ Thursday, 17 August 2023 02:20 PM

කුණුහබ්බ...

:       1       6

ලුම්බිණි Thursday, 17 August 2023 02:57 PM

ගිය ගිය තැන කියන්නේ මේ වගේ ඒ වෙලාවට හිතුන දෙයක්.

:       1       6

කිරිපුතා Thursday, 17 August 2023 03:05 PM

මෙයා මේ වාද බයිලා ගහ ගහා මැතිවරණයෙන් දිනන් කැරට් බෙදනවා. වෙන නම් මොකුත් කරන එකක්.නෑ. තියෙන දේවල් විකුණලා ඉන්දියවෙ කොලණියක් කරන්න තමයි හදන්නේ

:       1       6

Rata Perata Thursday, 17 August 2023 08:22 PM

දැන් නම් මේ මනුස්සයාගේ කතන්දර මතක තියා ගන්නත් බෑ. බ්‍රේස්ලට්වලින් බටන් අරගෙන තවම යනවා..මිනිහත් ඔහේ කියනවා.. කවුරුවත් පරීක්ෂණ කරන්නෙත් නෑ.

:       0       0

Perera Friday, 18 August 2023 12:24 AM

මෙය 1977 ඉදන් කරල තියෙන්නෙ කටින් බතල හිටවල තියෙන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 375 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site