(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන ඇති අතර මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සොයා බලා ගෙන යන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමුවී ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රධානියකු පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සමහර රූමත් තරුණ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවී ඇති අතර, එම කමිටු කාමර පසුගියදා පරික්ෂා කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
මේ අතර, එම ලිංගික හිංසන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව ඒ ගැන දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.
කමිටුව මේ සම්බන්ධයෙන් සේවිකාවන් ඇතුළු 20 කට ආසන්න පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර, මෙම පරීක්ෂණ කටයුතු අඩාළ කිරීමට සහ ඒවාට බලපෑම් කිරීමට නිලධාරීන් පිරිසක් රහසිගතව කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර ඒ පිළිබඳවද පාර්ලිමේන්තු බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වාර්තාවක් දෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පරීක්ෂණ කමිටුවට පසුගියදා උපදෙස් දුන්නාය.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගෙන් අප කළ විමසුමක දී ඇය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් රැසක් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකට එරෙහිව ප්‍රබල සාක්ෂි දී ඇති හෙයින් පරීක්ෂණයේ ප්‍රතිඵල දෙස මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉතා අවධානයෙන් බලා සිටින බවයි.
හිංසනයට ලක්වූ එම සේවිකාවන්ට අනිවාර්යයෙන්ම සාධාරණය ඉටු විය යුතු බව ඇය පැවසුවාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් මෙට්ටයක්
චන්දන Thursday, 17 August 2023 10:56 AM
එක මෙට්ටයයි. කොට්ට දෙකයි. ඕනම ළදරුවකුට තේරෙනව වෙලා තියෙන දේ. ඩීඑන් ඒ පරීක්ෂණයක් කරන්න ආයෙ වෙන සාක්ෂි ඕන නැහැ.
කිරිපුතා Thursday, 17 August 2023 03:06 PM
කට්ටිය සැප අරන්.
චින්තක Thursday, 17 August 2023 04:58 PM
මොන කමිටුවේ කාර්යාලයද කියන්න...!
නිමල් Friday, 18 August 2023 04:14 AM
කලකට පෙර සෙත් සිරි දෙන පායක කාමරයක ඇඳකුත් තිබුනා
de silva Friday, 18 August 2023 07:50 AM
මේ සම්බන්ධ පරීක්ෂණ රහස්පොලිසියට භාර දෙන්නේ නැත්තේ මොකද ?