IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බඹන මතින් ගිය රථය දැක පොලිසියත් ගල් ගැහෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ අවමංගල්‍ය රථයක්  නතර කළ පොලිස් නිලධාරීන් එම රථය පොලිසියට රැගෙන ගිය පසුව එහි මළසිරුරක් තිබෙනු දැක තුෂ්නිම්භූත වූ සිද්ධියක් බොරැල්ල පොලිසියෙන් වාර්තා වේ.

බොරැල්ල පොලිසියේ නිලධාරීන්  බොරැල්ල ඩී.එස්. සේනානායක හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටිය දී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ අවමංගල්‍ය රථයක් නතර කර එහි රියැදුරු බීමත්ව සිටින හෙයින් රථය පොලිසියට රැගෙන ගොස් ඇත.

අවමංගල්‍ය රථය බොරැල්ල පොලිසියට රැගෙන ගිය පසු එහි රියැදුරු රථයෙන් බැස එහි පිටුපස මළසිරුරක් තිබෙන බව නිලධාරීන්ට පවසා ඇත.

එහිදී කලබල වූ පොලිස් නිලධාරීන් මල් ශාලාවට දුරකතන ඇමතුමක් දී වෙනත් අවමංගල්‍ය රථයක් ගෙන්වා මළ සිරුර යවා බීමත් රියැදුරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත.

එම අවමංගල්‍ය රථය කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවකට අයත් බවත් එම අවස්ථාවේ අවමංගල්‍ය රථය පදවා ඇත්තේ එහි කළමනාකරුවකු බවත් පොලිසිය පසුව හෙළිකරගෙන ඇත.

 



අදහස් (1)

බඹන මතින් ගිය රථය දැක පොලිසියත් ගල් ගැහෙයි

Anura Thursday, 17 August 2023 08:03 AM

පොලිස් තාප්පෙට කලින් මතක් උනේ නැද්ද ඇතුලේ මොනවද තියෙන්නේ කියලා විමසන්න .සියලුම ජීවිතවලට හෝ මියගිය අයට ගරු කරන්න

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site