
(නිමල කොඩිතුවක්කු)
ජන පීඩිත රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් ඇති කර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි . පුලුවන්නම් මහ අලියා තනතුර දෙන්න .ඒකට තමයි සෑහෙන්න කල් කකුලෙන් ඇද්දේ . බැරිතැන පැන්න.
"රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා නිවැරදි තැන හිටගන්නා බවත් විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී ඔහු පැවසීය." මානසික රෝහල්වල සුව නොවෙන ලෙඩ්ඩුත් හරියටම ඔයවගේ කථා කියනව.
පුතානෝ දන්නවද පියානෝ කොහොමද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කලේ කියල? අප්පුහාමි ඔහේ නිකන් කටින් බතලකොල හිටවන කෙනෙක් විතරයි . කිසිම වගකීමක් දරන්න බය නමුත් වැල් බයිල කියව කියව ඉන්න පොරක් විතරයි . කොහොමත් ඔහේගේ සහය ආණ්ඩුවට ඕන නැහැ . ආයේ කවම දාවත් ඔහෙට අඩුම ගන්නේ ඇමති කමක්වත් ලැබෙන්නේ නැහැ. ඔන්න පොන්සේකා වෙනත් පක්ෂයක් හදනවලු . චම්පික කොහොමත් දැන් වෙනම ඉන්නේ. ඉතින් වෙන කවුද ඔතන ඉන්නේ? හෙට අනිද්දට ඔයාට ඉත්රිවෙන්නේ හත් අට දෙනෙක් විතරයි .පවු කියලත් හිතෙනවා ඔයා කන ලනු වලට .
ඔබ දේශපාලනයේ සිටින කුඩා දරුවෙකි
විපක්ශ නායක එක්කයි ජනාධිපති එක්කයි දෙන්නා එක්කම අපේ එකමුතුව ක් නෑ.