(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය  මාදුරුඔයෙහි වැලි කැණීම් කිරීම සඳහා  අසූ දෙදෙනකුට නීති විරෝධීව බලපත්‍ර දී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම  බලපත්‍රලාභීන් කැණීම් කොන්දේසි කඩ කරමින් මාසික ධාරිතාව කියුබ් 100 ඉක්මවන ආකාරයට  දින හතක් මුළුල්ලේ කැණීම් කළත් කාර්යාංශය ඒ සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක්  කර නොතිබූ බවද  වාර්තාවේ දැක්වේ.

මහවැලි අධිකාරිය කළමනාකරණය කරන ගංගා  සහ ගංගා ද්‍රෝණි වලින් ඛනිජ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය  අවසරදී තිබුණේ   ජී.එස්.එම්.බී තාක්ෂණ සේවා පුද්ගලික  සමාගමට පමණක් බවද වාර්තාව සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇතැයි පැවසෙන්නේ  පරිසර හානිය වැලැක්වීමේ පියවරක් ලෙසය.