( එම්. කේ. නන්දසේන)
මේ දිනවල පවතින දැඩි නියං තත්වයන් සමග බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම ඇතුළු ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන බවට වනජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතා සහ යාල උද්‍යානය භාර නිළධාරි මනෝජ් විද්‍යාරත්න මහතා පැවසීය.
වන සතුන් බහුලව ගැවසෙන යාල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත සීමාවන්හි වැව්, ජලකඩිති සිදීගොස් ඇති නිසා ජලය සොයා යන වනසතුන් ඉලක්ක කර ගනිමින් සිඳී ගිය ජල කඩිති වලට සහ කුඩා වලවල් හාරා ඉටි බෑග් තුලට ජලය පුරවා ඒවාට කෘෂි රසායනික ද්‍රව්‍ය මිශ්‍රකොට වනසතුන් මරා දඩමස් ජාවාරම ඉතා සරුවට සිදුකරන බවත් වනජීවි නිළධාරීහු පවසති.
දඩයක්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී දෙකෙහිම වනජීවී නිලධාරීන් විශේෂ මුර සේවාවන්හි යොදවා ඇති බව ද වනජීවී නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තරම් කෘහක මිනිස්සු කොහෙවත් නැහැ.
වාලම්පුරි (බෙලිකටු) අල්ලන්න නම් එස්.ටී.එෆ් රංචු වශයෙන් රටපුරා යොදවලා තියෙනවා. ඒත් පණ ඇති වන සතුන් මරා මස්කොට විකුණන මස් වැද්දන් අල්ලන්න ඒ තරම් උනන්දුවක් තියෙනා බවක් පේන්නට නැහැ. ඒ මේ රටේ හැටි....!
ජල කඩිති වලට වස විස දමා හෝ වෙනත් ආකාරයකට වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම පමණක් නොව වෙනත් ප්‍රදේශවලද ක්‍රියාත්මක වේ . "මෙම අමනුෂ්‍ය ක්‍රියාව ප්‍රචාරණය වුවහොත් සංචාරක කර්මනත්යට දැඩිලෙස බලපෑමක් එල්ල කරනු ඇත." වෙනත් මස් මාංශ හෝටල් සහ සංචාරකයින් විසින් ප්‍රතික්ෂේප කරනු ඇත... අලෙවි කර ගැනීමට නොහැකිවනු ඇත. වනසතුන් දඩයම් කිරීම පිළිබඳ නීති ක්‍රියාත්මක විය යුතුවේ...