(අංජුල මහික වීරරත්න)

තේ ඇතුළු මෙරට වැවිලි කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එය  නූතන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද කැටි වූ විශිෂ්ට නිර්මාණයක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ 129වන වාර්ෂික මහා සම්මේලනය අමතමිනි. 

මෙරට ආර්ථිකයේ පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට තවමත් තේ කර්මාන්තයට ශක්තිය තිබෙන බව කී ජනාධිපතිවරයා ක්ෂේත්‍රයේ ගැටලු හඳුනාගනිමින් නව්‍යකරණය සමඟ එහි පරිවර්තනයකට සූදානම් විය යුතු බවත් පැවසීය.

රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගනිමින් රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමේ වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කර තිබෙන බවද ජනාධිපතිවරයා කීය.