(යොහාන් භාසුර)
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන දීමනාව රුපියල් 10,000 සිට 20,000 දක්වා ද, ආබාධිතවූවන්ට ස්වයං රැකියා දීමනාව රුපියල් 25,000 සිට 40,000 දක්වා ද, ආබාධිතවූවන්ගේ උපකරණ දීමනාව රුපියල් 15,000 සිට රුපියල් 35,000 දක්වා ද, ඉහළ දමන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා පිරිනැමූ 250,000 ආධාරය රුපියල් ලක්ෂ 5 ක් දක්වා ද, ඔවුන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමේ දීමනාව රුපියල් 150,000 සිට රුපියල් 250,000 ක් දක්වා ද, ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමේ ආධාරය රුපියල් ලක්ෂය දක්වා ද, ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා වැඩි දුරටත් කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධන දීමනා ඉහළට